Thursday 2 January 2014

Windows 7 මෙහෙයුම් පද්ධතියට සමාන Linux මෙහෙයුම් පද්ධතිය - Zorin

Windows 7 මෙහෙයුම් පද්ධතියට සමාන Linux මෙහෙයුම් පද්ධතිය - Zorin



ආයුබොවන්, මිතුරනි, ඔබට මා මීට කලින් අවස්ථා වලදී Linux පාදක කරගත් ලිපි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා. එයින් ඔබ යම්තරමක හෝ දැනුමක් ලබාගැනීමට ඇතැයි විශ්වාස කරමි. Linux කියන වචනය ඔබට ඇසුණු මොහොතෙහි ඔබේ මතකයට නැගෙනුයේ Ubuntu සහ Fedora මෙම මෙහෙයුම් පද්ධතිය. ඒ ඔබට නිතර මේ මෙහෙයුම් පද්ධති අසන්න දකින්න ලැබෙන නිසාවෙනි. අද මම කියන්න යන්නේ, මෙම සාම්ප්‍රදායික මුහුණතින් වෙනස්ව Window ආකාරයට ගොඩ නැගෙන ZORIN OS එක සම්බන්ධයෙන් ඔබ සියලු දෙනා දැනගත යුතු කරුණු කිහිපයකි. 

මෙම මෙහෙයුම් පද්ධතියෙහි Desktop එකෙහි එක් පිංතූරයන් ඔබට මේ සමග පහළින් දකින්න ලැබේවි. මෙම මෙහෙයුම් පද්ධතිය ගොඩ නැගුණුයේ පරිගණක භාවිත කරන පිරිස අරතරින් මිලියන 20 කට වැඩි පිරිසක් භාවිත කරන Ubuntu මෙහෙයුම් පද්ධතිය ඇසුරෙනි. Linux මෙයෙයුම් පදධතිය භාවිත කරනන්ට සහ භාවිත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසට සාම්ප්‍රදායික Windows අතුරු මුහුණතින් ඇත්ව කටයුතු කිරීමට නොහැකි තරම්, එයට හුරු වී සිටියි. ඒ නිසාවෙන් ඔබට Linux භාවිත කිරීමේදී යම් යම් අපහසුතා වලට මුහුණ දීමට සිදුවී අතැයි සිතමි.

Zorin OS එකත් සමග ඔබට ලැබෙන විශේෂතා,
  • වෛරස වැනි විනාශකාරී වැඩසටහන්වලින් බලපෑමන් නොමැත.
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂමයි.
  • Desktop එක භාවිතය සහ හුරුවීම වඩාත් පහසුයි.
  • අතුරු මුහුණත අවශ්‍ය ආකාරයට වෙනස්කරගත හැකි වීම.
  • Linux මෙහෙයුම් පද්ධතිය පාදක කොටගෙන නිර්මාණය කර තිබීම.
  • ඔබට නිතර අත්‍යවශය මෘදුකාංග අඩංගු කර තිබීම.
  • Open Source මෙයෙහුම් පද්ධතියක් වීම.
  • විවිධ භාෂා 55ක් සදහා සහය දැක්වීම.

මෙම Zorin මෙහෙයුම් පද්ධතියෙහි ප්‍රධන අරමුණ වී තිබෙන්නේ Windows භාවිත කරනන්ට Linux භාවිත කිරීම පහසු කරවීමයි. මෙම මෙහෙයුම් පද්ධතිය Linux මෙහෙයුම් පද්ධතියක් උවත්, මෙයින් ඔබට ලැබෙනුයේ Windows 7 මෙහෙයුම් පද්ධතියට සමාන අතුරු මුහුණතකි. ඔබගේ අවශ්‍ය තාවය අනුව මෙහි අතුරු මුහුණත Windows XP, Windows 7, Linux ආකාරයට නොමිලේ ලබාදෙන සංස්කරණයෙහි අතුරු මුහුණත් අතර මාරු වීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම $10 මුදලක් ගෙවා ලබාගන්න Premium versions එහෙකි Windows Vista, 2000 සහ Mac OS X අතුරු මුහුණත් අතර උවත් මාරු වීමේ හැකියාව ලැබෙනවා. 

මෙම Zorin මෙහෙයුම් පද්ධතිය සමගින් ඔබට නිතර භාවිතය සදහා අත්‍යවශ්‍ය මෘදුකාංගයන් බොහොමයක් මෙහෙයුම් පද්ධතියත් සමගන් පරිගණකය Install වීම සිදු වෙනවා. මෙම මෘදුකාංග අතර LibreOffice, Google Chrome, Firefox, VCL Player, Video Plugins, සහ තවත් විශේෂිත මෘදුකාංගයන් කිහිපයක් පද්ධතිය සතු වේ. මෙයිට අමතර මේ සදහා ඔබට තව තවත් මෘදුකාංගන් Download කරගැනීමට අවශ්‍ය නම්, Software Center එක හරහා මෘදුකාංගයන් දස දහසක් ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. 

මෙම මෙයෙයුම් පද්ධතිය භාවිත කරන විට ඔබට සාම්ප්‍රදායික වින්ඩෝස් මෙයෙයුම් පද්ධතියට පාහේ වෛරස සහ විවිධ වූ මැල්වෙයා වැඩසටහන් වලින් තරජනයක් සිදු නොවේ. Digital ලොකයෙහි ජීවත් වන අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන මෙය Zorin OS එක තුළ ඇති නොවේ. ආරක්ෂාව සැලසීම සදහා Firewall එකක් අන්තර්ගත කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබේ. 

මෙය Zorin මෙහෙයුම් පද්ධතිය සමගින් WineHQ ඔබේ පරිගණකයට Install වීම සිදුවේ, ඒ නිසාවෙන් Windows හි ක්‍රියාකාරී වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරවා ගැනීමට පුළුවන. මෙම මෙහෙයුම් පද්ධතිය සමග ඔබ අතරින් වඩා වැඩි පිරිසක් භාවිත කරන Google Chrome Web Browser එක ලැබෙනවා. එයට අමතරව Firefox Web Browser එකත් ලැබෙනවා. GIMP Image, EditorOpenShot Video Editor එකද Zorin OS මෘදුකාංග ගබඩාවෙහි අන්තර්ගත වේ. 

මෙම Zorin OS එක ඔබේ පරිගණකයට Install කිරීම සදහා අවශ්‍ය සාධක -:)

අමව සුදුසුකම් -:
700 MHz x86 processor
128 MB of system memory (RAM)
Graphics card capable of 640x480 resolution
Sound card

වඩා හොද සුදුසුකම් -:
1GHz x86 processor
512 MB of system memory (RAM)
Graphics card capable of 1024x768 resolution
Sound card
A network or Internet connection

ඉහත සුදුසුකම් ඔබේ පරිගණකය සතු වේ නම්, ඔබට පුළුවන් මෙම මෙහෙයුම් පද්ධතිය ඔබේ පරිගණකයට Install කර, එහි වෙනස අත්විදින්න. මෙම මෙහෙයුම් පද්ධතිය සම්බන්ධව තිබෙන Video එක නැරබීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

http://www.youtube.com/watch?v=QHCDU-CUoaQ&feature=player_embedded

ඔබ කැමති නම් මෙය Download කරගන්න, එය ඔබට පුළුවන් පහත Link එක ආධාරයෙන්. Download කරගත් ISO File එක, DVD තැටියකට Write කරගැනීමෙන් අනතුරුම, CD දාවකයට යොදා පරිගණකය Restart කරන්න, Live User කෙනෙක් විදිහට Zorin OS එක Boot කර බලන්න, අවශ්‍ය නම් Desktop එකෙහි තිබෙන Install අයිඛනය ක්ලික් කරලා Install කරගන්න. (සැ.යු - මෙය Install කරගැනීමේදී අනෙකුත් Linux Operating System හි ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි)

http://zorin-os.com/free.html

මෙය ඉදිරිපත්කරන ලද්දේ මෙහෙයුම් පද්ධති අතර වාදයක් ගොඩ නැගීමට හෝ, කිනම් හෝ මෙයෙයුම් පද්ධතියක් පහත් කොට ප්‍රකාශ කිරීමට නොවේ, ඔබේ දැනගැනීම සදහා පමණි. වාදයක් සදහා නොවන බව කරුණාවෙන් සලකන්න. අවශ්‍ය නම් ලබාගන්න, දැනුමට පමණි. 

No comments:

Post a Comment