Thursday 9 January 2014

ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය

ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය

ආයුබෝවන්.....

සුභ උදෑසනක්, අදත් උදේම ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ලබාදෙන්නම්, මේක පරිගණක උදවු ග්රූප් එකේ මිතුරෙක් විසින් පොඩි පොස්ට් එකකින් දැනුවත් කිරීමක් කර තිබුනා, ඒත් පරිගණක උදව් වෙත පැමිණෙන සංඛ්‍යාව වැඩි නිසා එයාලගෙ ප්‍රශ්ණ පොස්ට් කිරීමේදී මේ වැදගත් පොස්ට් එක පහල ගියා, ඒ නිසා මට ඔයාලට මේ පිළිබදව ලිපියකින් දැනුවත් කිරීමක් කරන්න හිතුවා, ඉතින් මේ මොකක්ද? ඇත්තමට කියනවානම් මෙය Online සිංහල ශබ්ධකෝෂයක් බදු කුඩා Etensions එකක්, මෙ හදුන්වනු ලබන්නේ, ෆයර්ෆොක්ස් සහ ක්‍රෝම් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය යන නමිනි. 




LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සඳහා සහය දක්වයි.

පලමුවෙන් Firefox සහදා සහයා දක්වන Etensions එක පහත පරිදි වේ.

මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 1.5 සිට 5.0* දක්වා සංස්කරණ සඳහා සහය දක්වයි. එනම් මේ දක්වා ඇති සියළුම ෆයර්ෆොක්ස් සංස්කරණ සඳහා සහ තන්ඩර්බර්ඩ් සියළුම සංස්කරණ සඳහා සහය දක්වයි.

Click here 

LKTips 1.2 හි විශේෂතා (2011 ජූනි 22)


  • ෆයර්ෆොක්ස් 5 හි අවසන් සංස්කරණය 2011 ජූනි 21 දින නිකුත්වීමත් සමඟ LKTips ෆයර්ෆොක්ස් 5    සඳහා සහය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.


LKTips 1.0 හි විශේෂතා (2011 ජූනි 20)


  •     මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
  •     පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව.
  •     Status Bar අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  •     ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා                                                  සිංහලට පරිවර්ථනය කිරීම.
  •     පැහැදිළි හා සරළ පෙනුම.
  •     LKTips අතුරු මුහුණතේ තමන් කැමති ආකාරයට වර්ණ, ප්‍රමාණය, ෆොන්ට් වෙනස් කර ගැනීමේ හැකියාව.
  •     වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
  •     මේ දක්වා සියළුම ෆයර්ෆොක්ස් හා තන්ඩර්බර්ඩ් සඳහා සහය දැක්වීම.
  •     පරිපූර්ණ වචන කෝෂය.
  •     නිවැරදිව නිපදවා තිබීම.

LKTips 1.0 හි අවස්ථා කීපයක්


ඇඩෝනය ක්‍රියාත්මක වන විට පෙනුම




ඔප්ෂන්ස් වින්ඩෝව





Status Bar අයිකනය

               


Status Bar ඔප්ෂන්ස් මෙනුව


              

පහත දැක්වෙන වීඩියෝවෙන් මෙය ඩවුන්ලෝඩ් කරන ආකාරය, ස්ථාපනය කරන ආකාරය හා භාවිතා කරන ආකාරය පැහැදිළිව දැකගත හැකියි.



දැන් බලමු Chrome සහදා සහයා දක්වන Etensions එක පහත පරිදි වේ.


මේ ඇඩෝනය සියළුම ගූගල් ක්‍රෝම් වෙබ් ගවේෂක සඳහා සහය දක්වයි.


Click here

LKTips 1.0 හි විශේෂතා (2011 ජූනි 24)

  • මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
  • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචනයක් පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
  • ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා සිංහලට පරිවර්ථනය කිරීම.
  • පැහැදිළි හා සරළ පෙනුම.
  • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • මේ දක්වා සියළුම ක්‍රෝම් සඳහා සහය දැක්වීම.
  • පරිපූර්ණ වචන කෝෂය.
  • නිවැරදිව නිපදවා තිබීම.
LKTips 1.0 හි අවස්ථා කීපයක්


ඇඩෝනය ක්‍රියාත්මක වන විට පෙනුම





ඔප්ෂන්ස් වින්ඩෝව



On - Off අයිකනය
-------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment