Thursday 2 January 2014

ඔබේ Blog එකටත් Welcome Bar එකක්

ඔබේ Blog එකටත් Welcome Bar එකක්



ආයුබොවන්, බ්ලොග් කරන යාළුවො අපි අතර බොහොමයක් සිටිනවා. ඒ හැමෝටම වගේම Web Site කරගෙන යන අයටත් මේක වැදගත්, අපේ Blog එකට හරි Website එකට එන Visitor ට පුංචි පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහක් ගැන ඔයාලට මම අද කියලා දෙන්නම්. මම ගොඩක් දවස් තිස්සෙ මේ ගැන උනන්දුවෙන් හිටියා. ඒත් මීට කලින් මම ගොඩක් ට්‍රයි කලත් හරිහැටි ක්‍රියාත්මක නොවුනා. මෙය දැනටත් පවතිනුවේ Beta (අන්තහදා බැලීමේ නිකුතුවක්) ලෙසටයි. ඒ නිසාවෙන් මේ ප්‍රශ්ණ තිබුනා යැයි මා සිතනවා. ඇත්තටම මේකෙන් අපි Visitor ට මැසේජ් එකක් දීලා එයාට අපේ Blog එක හරි Web Site එක එයා දැනට Log වෙලා ඉන්න Social Networking Site වලට Share කිරීමේ පහසුකම ලැබෙනවා. මෙය ලැබෙන්නෙ Welcome Bar එකක් ලෙසටයි. Bar එකේ Text එකකින් ඔයාගෙ අදහස එයාට කියන්න පුළුවන්, ඒ වගේම අපිට Bar එකට අවශ්‍ය වර්ණයක්, දෙන්නත් පුළුවන්, Share Button එක,Text කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්, ඔයාගෙ මිතුරු අඩවි කිහිපයක් එකතු කර ඒවා අතර මෙම Welcome Bar එකේ Message සහ Sharing Option Change වෙන විදිහටත් සකස් කරගන්න පුළුවන්, මගේ Blog එකට අපු අද දැන් ඔය ටිකක් උඩම තියෙන Bar එකත් දකින්න ඇතිනෙ. පිස්සුවක් දාලා තියෙන්නෙ. හ්ම් ඔයාලත් කැමති නම් ඔයාගෙ බ්ලොග් එකට එකතු කරන්න. මේ පහසුකම අපිට ලබාදෙන්නෙ Addthis.com වෙබ් අඩවියෙන්ය. පහත පින්තූරයේ තියෙන්නේ මේ Welcome Bar එක. 


මගේ Welcome Bar එකත් බලාගන්නකෝ කැමති අය.



අපි බලමු මේක Add කරගන්න විදිහ ඔයාගෙ Blog එකට හරි Web Site එකට හරි. මුලින්ම කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට යන්න Addthis Welcome Bar ඉන්පුසව ඔබට පහත ආකාරයේ Web page එකක් දකින්න පුළුවන්, 



Message : එක විදිහට ඔයාට Welcome Bar එකේ සටහන් කරන්න අවශ්‍ය Text එක ලබාදෙන්න 

Button Action : එක විදිහට Button එක Click කරලාම Blog/Website Social Network එකකට Share කරන්නද, Follow කරන්නද, එහෙමත් නැතිනම් වෙනත් URL එකකට ගමන් කිරීමටද යන්න තෝරා ගන්න. 

Button Text : එක විදිහට Button එකෙහි දැක්විය යුතු අකුරු පෙළ ලියා දමන්න. 

මේ ක්‍රියාදාමයෙන් අනතුරුව Page එකෙහි පහල Scroll කරන්න. එවිට පහත ආකාරයේ Option Window එකක් දක්කට ලැබේවී. 


මෙහිදී ඔබේ බ්ලොග් එකෙහි Welcome Bar එක තුල Background, Message Text, Button, Button Text සදහා අවශ්‍ය වර්ණයන් තෝරාගන්න. මෙම Bar එක Website/Blog විවෘත කර තප්පර ගන්නකින් අතුරු දහන් කර දැමීමට අවශ්‍ය නම් Auto-Dismiss Bar යටතේ After Check Box එක තුල හරි ලකුණ යොදා ඉදිරියේ ඇති Text Box එක තුල තප්පර ගන්න සකස් කරගන්න. දැන් මෙහි සැකසුම් සකස් කර අවසානයේ Grab It බට්න් එක ක්ලික් කරන්න පසුව මෙම Java Script එක කොපි වේවි. අනතුරු ඔබේ Template එකෙහි HTML එක වෙතට පිවිසෙන්න. එහි <head> Tag එකට පහලින් මෙම Script එක Paste කරන්න. පසුව Save කරන්න. 


සැකසුම් Save කිරීමෙන් අනතුරුව ඔබේ Blog එක විවෘත කර බලන්න, Welcome Bar එකක් දක්නට ලැබේවී. 

No comments:

Post a Comment