Thursday 9 January 2014

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු

100%ක් INTERNET SPEED එක සුපිරියට වැඩි කරගමු




මේකනම් සුප්පා වැඩක්. මම නිදාගන්න ගිහින් ඉද්දි මතක් වුන ගමන් තමයි ආයෙත් ඇහැරලා ඇවිත් මේ පෝස්ට් ඒක මේ ලියන්නේ.. 
මම දන්නවා ගොඩක් අය තමන්ගේ අන්තර්ජාල වේගය කොච්චර තිබ්බත් මදි කියලනේ හිතන්නේ. ඔයාලට කිව්වට මොකෝ 15.9MB/s තිබිලත් මට මදි කියල හිතෙනවනෙ. මොනවා කරන්නද ඕක ඉතින් අපේ හැටිනේ.. මමනම් සෙල්ලම දාල තියෙන්නේ.. දැන් මගේ අන්තර්ජාල පිරික්සුම් වේගය තිබ්බට වඩා හුගාක් වැඩි.. ඔයාල හැමෝම දන්නා දෙයක්නේ මේ SK ඉතින් තනියම කන කෙනෙක් නෙමෙයි කියලා.. ඔන්න ඉතින් මැද්දෙන් පණ්ඩිත වැකියකුත් දාල නේද? හික් හික්.. හරි හරි ඔන්න එහෙනම් වැඩේට බහිමු කෝලම් කරන ඒක නවත්තල.. 

කොටින්ම මමත් පුදුම වුනා මේ වැඩේ කලාට පස්සේ.. මම හිතනවා ඔයාලටත් මගේ ප්‍රතිපලයම හම්බවෙයි කියලා... එහෙනම් දෙයියෝ බුදුන් සිහිකරලා වැඩේ පට්ටාන් ගම්මු... ගුඩ් ලක්...

1.ඉස්සෙල්ලම ස්ටාට් ගිහින් gpedit.msc කියලා ටයිප් කරලා Local Group Policy Editor ඒක ගන්න..

2.දැන් ඒකෙ තියන වම් පැත්තේ මෙනුවෙන් Computer Configuration යටතේ තියන Administrative Templetes ක්ලික් කරන්න.

3.දැන් Network ක්ලික් කරන්න. ඒක යටතේ ආව ලිස්ට් එකෙන් Q0S Packet Scheduler කියන ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. පහල තියනවා ඔන්න බලන්නකෝ....



4.ඕක උඩ ඩබල් ක්ලික් කරහම එන ලිස්ට් එකෙන් Limit Reservable Bandwidth කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.. දැන් මෙන්න මෙහෙම එකක් එයි..



5.දැන් ඔතන Not Configured කියලා තියන ඒක Enabled කියන එකට මාරු කරලා පහල Options වල 80%ක් විදිහට තියන Bandwidth Limit ඒක 0 ටම අඩු කරන්න. දැන් තේරෙනවා නේද කොච්චර වේගයක් කකාද ඉදල තියෙන්නේ කියලා කම්පියුටර් ඒක.. 

6.හරි එහෙනම් දැන් Apply කරලා OK කරන්න. ඊට පස්සේ කම්පියුටර් ඒක Restart කරන්න. පොඩ්ඩක් දැන් බලන්නකෝ එහෙනම් Internet Surfing Speed ඒක එහෙම.. පට්ට නේද? 

No comments:

Post a Comment