Thursday 9 January 2014

Picasa (පිකාසා)

සුබ දවසක් යාළුවනේ, අද මම කියන්න යන්නෙ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න දෙයක් ඒත්, නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුවා, ඔයාලා දන්නවා ඇතිනෙ පිකාසා කියන නම අහපු ගමන් ගූගල් සමාගමෙන් අපිට නොමිලේ ලබාදෙන තවත් සේවාවක් විත්තිය, මොවුන් මෙහි මෘදුකාංගයක් ලබා දී තිබෙනවා, එය භාවිතා කරලා කොම්පියුටර්යේ තැත තැන තියෙන පිංතූර එකම තැනකදී බලාගැනීමේ හැකියාව තිබෙනවා, මෘදුකාංගය ඉන්ස්ටෝල් කර ටික වෙලාවක් යන විට, පරිගණකයේ තිබෙන සියළුම පිංතූර සොයාදීමට සමත් මෘදුකාංගයකි, මෙමගින් අපිට දර්ශණය කරදෙන පිංතූර වල ෆෝමැට් (JPEG, GIF, TIF,PSD,PNG,BMP,RAW) ආදී ෆෝමැට් සියල්ල දර්ශණය කරගැනීමේ හැකියාව තිබෙනවා. 


මෙය අනිත් මෘදුකාංගයන් අතරින් විශේෂ වන්නේ, මෙමගින් අප විවෘත කරගන්න පිංතූරයේ සියළු විස්ථර ලබාගත හැකිවීමයි පිංතූරය පරිගණකයේ තිබෙන ෆෝල්ඩරය, තිබෙන ස්ථානය ඩ්‍රයිව් එක, ලෙහෙසියෙන් සොයා ගැනීමට පුළුවන. ඒ වගේම මෙහි තිබෙන අතින් විශේෂත්වය තමයි පරිගණකයේ තැම්පත් කර තිබෙන විවිද වීඩියෝ ෆයිල් සොයා දීමටත් මෙම මෘදුකාංගය සමත්ය, ඒ අතරින් MPEG, AVI, ASE වැනි ෆෝමැට් වලින් සමන්විත විඩියෝ දර්ශණ කර දීමටද මෙම මෘදුකාංගයට පුළුවන.

ඒ වගේම මෙම මෘදුකාංගයේ තිබෙන තවත් විශේෂත්වය තමයි, සොයාගන්නා, පිංතූරය Edit කරගැනීමට අවශ්‍ය Tools මෙම මෘදුකාංගයේම සකසා තිබීම, මෙහි Interface එක, භාවිතා කරන්නාට මිත්‍ර ශීලී විදිහට නිර්මාණය කරතීබීම ගොඩක් වැදගත්, ඒ නිසා පහසුවෙන් පිංතූරයේ වෙනස්කම් කරගැනීමට පුළුවන්, භාවිත කරන්න වැඩි දැනුමක් නැති අයෙකුට වුවත්. ඔබේ පරිගකයේ තිබෙන විවිද පිංතූර අතරේ එකම පිංතූරය කිහිප වරක්ම, විවිද තැන්වල තිබෙන්න පුළුවන්, මෙය පරිගණකයේ ඉඩ අපතේ යාමක් නේද? එහෙත් පිකාසා මෘදුකාංගයෙන් පරිගණකයේ කොතැනක තිබෙන පිංතූර වුතත් වෙන් වෙන් වශයෙන් පෙන්වන නිසා, පහසුවෙන් ඒවා හදුනාගෙන ඉවත් කරදැමීමේ හැකියාව තිබෙයි.

පරිගණයේ තිබෙන පිංතූරයක් අපට මෙම මෘදුකාංගය භාවිතායෙන් Edit සංස්කරණය කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ නිසා අනිත් මෘදුකාංග වල සරන පැතීම අඩු කරගන්න පුළුවන්, එහෙත් Photoshop වගේ දැවැන්ත වැඩ කොටසක් නම් කරගැනීමට බැරිය. සමාන්‍ය එදි නෙදා අවශ්‍යතාවයන් සදහා උචිත අයුරින් සකස් කරගැනීමට පුළුවන.

පරිගණකයට පිටතින් සම්බන්ධකරන ලද Data Storage Devise වල තිබෙන පිංතූර අදිය දර්ශණය කරගැනීමටද පුළුවන, විශේෂයෙන්ම USB Drive සහ Digital Camera ආදියෙදි, මෙවා දර්ශණය කරගැනීම මෙන්ම අවශ්‍ය පිංතූරයක් වෙතොත් වෙනත් තැනක ගබඩාකීමද පුළුවන, මෙගින් පංතූර පිලිවලට දර්ශණය කරගැමීට හැකි වීම ගොඩක් ප්‍රයෝජනවත්, වින්ඩෝස්හි භාවිත නොකොට මෙහිදීම පිංතුර සහ ෆෝල්ඩර් Rename කිරීමට පුළුවන, තවද පිංතූර Slide Show එකක් ආකරයට නැරබීමේ හැකියාව තිබෙයි.

මෙය ඔබට අන්තර්ජාලය හරහා නොමිලේ Download කරගැනීමේ හැකියාව තිබෙනවා, ඒ වගේම දැනට තිබෙන වින්ඩෝම් OS ස්ංස්කරණයන් සියල්ල සමග ධාවනය කරගැනීමේ හැකියාව පවතී. පහතින් Google Picasa වෙත පිවිසෙන්න (http://picasa.google.com/)


ඔබ දන්නවාද, ඔබ Gmail Account එකක් සකස් කරගත් විට ඔබට අවශ්‍ය පිංතුර සුරැකිව තබා ගැනීමට මෙම පිකාසා සේවාවත් ඔබට ලැබෙන බව, ඒ සදහා කල යුත්තේ, Gmail ගිණුම විවෘත කරගන්න, එහි උඩ තිබෙන Photo යන්න කලික් කරන්න, තැනත Username, Password අසනු ලබයි, ඒවා ලබාදීනේ Sign Up වෙන්න,
උඩ තියෙන Bar එකෙන් Photo යන්න ක්ලික් කරන්න,

ඔබට දනින් පුළුවන්, පිකාසා, වෙබ් අවකාශ්‍ය මේ සදහා අපිට 1GB ප්‍රමාණයක් දක්වා පිංතූර එකතු කිරීමේ හැකියාව තිබෙනවා, ලැබෙන මුහුනතේ Upload බට්න් එක ක්ලික් කරලා, පිංතුර එකතු කරගන්න....

ඔන්න යාළුවනේ ඔයාලා අද පිකාසා ගැනත් ඉගෙන ගත්තා, 

No comments:

Post a Comment