Thursday 9 January 2014

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න

ඔබේ කාමරය WI-FI කලාපයක් කරගන්න



කොහොමද ඔයාගේ කාමරේ Wi-Fi Zone එකක් කරගන්න තියනවනම් නේද? ආව් ආව් කටට ආව හිනාව නේද? ඔව් ඔව් එක තමයි මේ කරන්න හදන්නේ. අයියෝ ගෙවන්න ඕනද දන්නේ නැහැ කියල හිතුනද? මොන පිස්සුද මේක අමු අමුවේම නොමිලේ දෙන්න යන්නේ. අපේ කොල්ලන්ට තියන ප්‍රශ්නයක් තමයි ලැප් එකක් තියනවා, ඩොන්ගල් එකක්, එහෙම නැත්තම් ටෙලිකොම් ලයින් එකක් තියනවා. එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් තියනවා. එත් ෆෝන් එකක් හරි Tab එකක්හරි Ipad එකක්හරි තියනවා, එකේ Wi-Fi තියනවා එත් Wi-Fi සිග්නල් නැහැ. ඔන්න ඔය වගේ අයටනම් මේක තරම් වටිනා දෙයක් තවත් නැති වෙයි. Unlimit වයර්ලයින් තියන කට්ටියටනම් මේක දෙයියෙක්. හැබැයි මෙන්න මේ දේවල් තියෙන්න ඕනා..

1.Wi-Fi තියන ලැප් එකක්.
2.එහෙම නැතුව ඩෙස්ක්ටොප් එකකට නම් පොඩි Wi-Fi අඩප්ටරයක්.
එකනම් පේමන්ට් එකෙන් උනත් ගන්න පුළුවන්නේ.

මේකෙන් වෙන්නේ ඔයාලගේ දැනට තියන අන්තර්ජාල සම්බන්දතාව (බ්‍රෝඩ්බෑන්ඩ් හරි ඩොන්ගල් හරි)  ලැප් එකේ Wi-Fi වලින් හරි ඩෙස්ක්ටොප් එකේ Wi-Fi අඩප්ටරයෙන් හරි බෙදාහරින එක. ඒ කියන්නේ Share Over කරන එක. දැන් ටිකක් දැනුම තියන අය හිතයි යකෝ මේක Ad-Hoc නෙට්වර්ක් එකකින් කරන්න පුළුවන් නේ කියලා.. එත් යාලු Ad-Hoc එකකින් ඉන්ටර්නෙට් ශෙයා කරනවා කියන්නේ ටිකක් අමාරු වගේම හරිම කතන්දර වැඩක්නේ. මේකෙන් පුළුවන් හරිම ලේසියෙන් වගේම හරිම ආරක්ෂාකාරී විදිහට වැඩේ කරගන්න. පාස්වර්ඩ් එකක් එහෙම දැම්මම කොහොමද නේද ගතිය. එකත් තමන්ගේම නමින් තියන Wi-Fi කනෙක්ෂන් එකකට, ඔව් ඔව් Wi-Fi Zone එකට ඔයාට ඕන නමක් දෙන්න පුළුවන්. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ ගතිය කොහොමද කියලා.. බඩු පහල ඇති ගන්නකො. කුප්පියනම් ඉවරායි...



මෘදුකාංගය පහලින් බාගන්න..

No comments:

Post a Comment