Thursday 9 January 2014

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න

ඔයාලගේ PEN DRIVE එකේ අයිකන් එකට ඔයාගේ ෆොටෝ එක දාගන්න




ඔන්න අදත් තවත් අලුත් කුප්පියක් අරගෙන ආවා.. වැඩේනම් දන්නවත් ඇති. ඒ උනාට වැඩක් කරනකොට එකේ අවසානේ ලෙසටම තියෙන්න ඕනනේ. ඒ වගේම පිළිවෙලක් තියෙන්නත් ඔන නේද? අන්න එක හින්දමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. කුප්පිය සරලව හදුන්වන්නම් ඉස්සෙල්ලා. මේකේ තියෙන්නේ තමන් විසින්ම අයිකන් එකක් හදාගෙන තමන්ගේ Pen Drive එකට හෝ වෙනත් Removable Device එකකට දාගන්නේ කොහොමද කියල. ඕනනම් ඔයාගේ ෆොටෝ එකක්හරි දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෙන් එකකට ඒ වගේ හදාගෙන දැම්ම අයිකන් එකක් 
වැඩේ මුල ඉදලම යමු නේද?

මුලින්ම ඔයාලට ඕන අයිකන් එක හදාගන්න Real World Icon Editor සොෆ්ට්වෙයාර් එක ගන්න(පොස්ට් එකේ පහලම ඇති ලින්ක් එක) සොෆ්ට්වෙයාර් එකක් කිව්වට මේක පොඩි සොෆ්ට් කෑල්ලක්. හැබැයි ට්‍රයල් එකක්, වැඩේ කරලා අයින් කරගන්න එකනේ. නැත්තම් ඕකේ ක්‍රැක් එක හොයාගන්නත් පුළුවන් නෙට් එකෙන්. හරි දැන් බඩු බාගත්තනේ. ඕපන් කරගන්නකො එහෙනම්. මෙන්න මෙහෙම එයි.



ඒකෙන් Open යන්න. දැන් ඩිරෙක්ට්‍රියෙන් ඔයාට අයිකන් එක හදන්න ඕන ෆොටෝ එක අරගන්න. දැන් ට්‍රාන්ස්ෆොමෙෂන් ටූල් එකෙන් අයිකන් එක ඕන විදිහට ෆොටෝ එක ක්රොප් කරගන්න. X අකුර ඔබපුවාම ටූල් එක එයි. පුළුවන් තරම් හරි හතරැස් විදිහට ක්රොප් කරගන්න. එතකොට තමා ලස්සනට අයිකන් එක ඩිස්ප්ලේ වෙන්නේ. දැන් එතන වැඩේ ඉවරයිනේ. දැන් Create Icon දෙන්න.



එතකොට ඔය පහල වගේ එකක් එයි. එතනින් 256x256 Pixels කියන එකට ටික් එකක දාලා අනිත් ඔක්කොම ටික් අයින් කරලා OK කරන්න. ඒක තමයි වැඩිම කොලිටි එක. ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. 



දැන් ආයෙත් X අකුර ඔබලා ඔය පහල තියනවා වගේ පොඩ්ඩක් ඇදලා කරලා හොදට හදාගන්න. 



දැන් File ගිහින් Save As දීලා නමක් එහෙම දීල ඕක සේව් කරගන්න. ආහ්හ්හ්හ්.. තව එකක්, නමට අන්තිමේ තියන .ico කියන එක වෙනස් කරන්න එපා.



ඇති යන්තම් දැන්නම් අයිකන් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ ඒක USB Device එකේ ඩීෆෝල්ට් අයිකන් එක වෙනුවට අපි හදාගත්ත එක දාන එකයි. අයිකන් එකක් විතරක් හදාගන්න ඕන අයට මෙතනින් නවතින්න පුළුවන්... 

දැන් එහෙනම් Pen Drive එක එහෙම ගහන්නකෝ ..
Pen Drive එක ඇතුලට අපි අර හදාගත්ත අයිකන් එක කොපි පේස්ට් කරගන්න. දැන් Desktop එකේ හරි කොහේ හරි නෝට්පෑඩ් එකක් ඕපන් කරගන්න. Pen Drive එක ඇතුලෙනම් එපා. දැන් පහල පින්තූරය බලන්න.

ඒ තියන විදිහට නෝට්පෑඩ් එක ඇතුලේ කෝඩ් ටික ලියාගන්න. ඔය Athwela කියන එක වෙනුවට අපි Pen Drive එක ඇතුලට දාගත්ත අයිකන් ෆයිල් එකේ නේම් එක කැපිටල් සිම්පල් වරද්දන්නෙ නැතුව හරියටම දෙන්න. ආහ්හ්,, ඒකෙ අගට .ico කියල තියනවා දැක්ක නේද? ආ දැක්කනම් කමක් නැහැ ඒ විදිහටම ලියාගන්න. Name කියන එක වෙනුවට Pen Drive එකට දාන්න ඕන නේම් එක දෙන්න. හොදට බලන්න ඔය = දෙපැත්තේ හිස්තැන් තියන්න ඕනා. දැන්නම් අන්තිම හරියේ ඉන්නේ.. :D  ඊලගට අපි ඕක සේව් කරන්න ඕනා මෙන්න මෙහෙමයි. File ගිහින් Save As යන්න. දැන් ඕක සේව් වෙන්න ඕන තැන නේ අහන්නේ.. ලොකේෂන් එකට Pen Drive එක දෙන්න. දැන් File Name කියන එකට autorun.inf කියල දෙන්න. පහල රූපය බලන්න.

දැන් පෙන් එක ඇතුලේ තියනවා නේද අයිකන් ෆයිල් එකයි ඔටෝරන් ෆයිල් එකයි., ඒ දෙකම Right Click කරලා Properties ගිහින් Hidden කරගන්න. අප්පා ඇති යන්තම් වැඩේ ඉවරයි..... දැන් දෙපාරක් තුන්පාරක් පෙන් එක ගලවලා ගහලා බලන්න. දාපු පින්තූරය තියනවා නේද කිසි කිසි ගාලා මේ වගේ...

No comments:

Post a Comment