Thursday 2 January 2014

දැනට භාවිතවන වයර්ලස් තාක්ෂණ

ople :)

UWB වයර්ලස් තාක්ෂණය


අලුත් තාක්ෂණය ලෝකයට එකතු වීම සිදුවන්නේ තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් අත් කරදෙමිනි. මෙය හදුන්වන්නේ අල්ට්‍රා වයඩ් බ්‍රෑන්ඩ් හෙවත් යූ.ඩබ්ලිව්.බී (UWB - Ultra Wide Band) ලෙසටයි. මෙම තාක්ෂණය සහිතව ලොව ප්‍රථම උපකරණය නිපදවනු ලැබූයේ ඇමරිකාවේ බෙල්කිං සමාගමෙහි බෙල්කින් වයර්ලස් යූ.එස්.බී හබ් (Belkin Wireless USB Hub) එකයි. මෙය ප්‍රමාණයෙන් නෝට් පැඩ් එකක් තරම් කුඩා උපරකරණයකි. එහි යූ.එස්.බී පෝට් හතරක් අඩංගු කර තිබේ. මෙයට ප්‍රින්ටරය, බැකප් ඩ්‍රයිව් හෝ වෙනත් ඕනෑම පර්යන්ත උපකරණයක් සමබන්ධ කිරීමේ හැකියාව තිබෙනවා.

පරිගණක යන්ත්‍රය තිබෙන තැන සිට හබ් එක මීටර් 30 ක් තරම් දුරකදී රැහැන් රහිතව සම්බන්ධ කරන යූ.ඩබ්ලිව්.බී ඩොන්ගලය (UWB - Dongle) පරිගණකයේ යූ.එස්.බී (USB - Universal Serial Bus) එකට සම්බන්ධ කර යුතුය. එහිදී ඩොන්ගලය සහ පරිගණකය රැහැන් රහිතන සම්බන්ධ වීම සිදු කර ගත හැකියි. 

මෙම රැහැන් රහිත සම්බන්ධ ගොඩ නැන්වෙන්නේ සාමාන්‍ය තරංග මාධ්‍යක් වන අරෝ-පුළුල්පරාස (Ultra Wideband) තරංගවලිනි. මෙමගින් ස්පන්ද (Pulses) වශයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් වයර් ලස් සම්බන්ධතාවය හරහා හුවමාරු වීම සිදුවේ. 

මේ ක්‍රමය භාවිත කරමින් මෙගාබයිට 400 (400MB) ගොනුවක් හුවමාරු කිරීමට තප්පර 90 ක පමණ කාලයක් ගතවේ. එහෙත් මෙය රැහැන් සහිත මාධ්‍ය භාවිත කරමින් යූ.එස්.බී කේබලයක් හරහා හුවමාරු කිරීමට තප්පර 25 ක කාලයක් ගතවේ. ඒ වගේම මෙම ගොණුව ඔබ වයි-ෆයි සම්බන්ධතාවයක් භාවිත කර හුවමාරු කරන්නේ නම් ඒ සදහා තප්පර 160 පමණ කාලයක් ගතවේ. ඒ අනුම මෙම තාක්ෂණය වයි-ෆයි තාක්ෂණයට වඩා බලසම්පන් බව ඔබට තේරුම් ගැනීමට පුළුවන් වේවි. 

දැනට භාවිතවන වයර්ලස් තාක්ෂණ


බ්ලුටූත් (Bluetooth)
මේ තාක්ෂණය විතයෙන් අඩි 100ක වටපිටාවක වයර්ලස් ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීමට පුළුවන. බොහොමයක් ජංගම දුරකථන සතු තාක්ෂණය මෙය වේ.

යූ.එල්.පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රී (Wibree)
අඩු තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කල හැකි තාක්ෂණයක් ලෙස මෙය හදුන්වා දිය හැකියි. 

සිග්බී (Zigbee) 
බ්ලූටූත් හෝ වයිබ්‍රී මෙන් නොව මෙහිදී එකවර උපකරණ කිහිපයක් හරහා තොරතුරු හුමාරු කිරීමේ පහසුම සැලසේ..

එන්.එෆ්.සී (NFC - Near Field Communication) 
මෙම ක්‍රමය භාවිතයෙන් තොරතුරු හුවමාරු කල හැක්කේ සෙන්ටිමිටර් කිහිපයක දුරක් සදහා පමණකි. 

වයි-ෆයි (Wi-Fi)
මෙම ක්‍රමය භාවිතයෙන් කේබල් සම්බන්ධතා නොමැතිව පුළුල් පරාස (Broadband) වේගයෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකියි. මෙය වර්ථමාන ජංගම දුරකථන වල සහ ලැප්ටොප් පරිගණක අතර ජනප්‍රිය පහසුකමකි. 

වයිමැක්ස් (WiMAX)
අන්තර්ජාල ලබාගැනීමට භාවිතයට බහුලව භාවිත කරන තාක්ෂණයක් සේම, ඉතා දුර ප්‍රදේශවලට මයික්‍රොවේව් තරංග උපකාරයෙන් තොරතුරු හුමමාරුවට යොදා ගන්නා තාක්ෂණයකි. 

ඩෙක්ට් හෙවත් කැට් (DECK/CAT)
ඩිජිටල් රැහැන් රහිත ජංගම දුරකථන වලදී භාවිත කරන ඩෙක්ට් තාක්ෂණය අනුව මීටර් 100 පරායක් තුල තොරතුරු හුමාරු කිරීමේ හැකියාවත් හිමිවේ.

No comments:

Post a Comment