Thursday 9 January 2014

Google IME Offline Install කරමු


සුබ දවසක්, ඔයාලට.......අදත් මම ආවා බ්ලොග් පොස්ට් එකක් දාන්න, අද කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Google IME එක එක පාරක් Download කරගෙන හැමදාටම තියාගන්න විදිය.ඔයාලගෙන් ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්ණය තියෙන්න ඇති, ඔයාගෙ කොම්පියුටර් එක ෆෝමැට් කරන වාරයක් පාසා Google IME එක Online Installation එකක් කරගන්න ඕනෙ නිසා හැමදාම Download කරගන්න ඕනෙ.....මේක මහ වදයක් කියලා තිතුන අය ඉන්නවනම් අත උස්සන්න :P ඒ වගේම තවත් දෙයක්, මේ Google IME එක Online Installation එක නිසා, Internet නොමැති පරිගණකයට මෙය Install කරගැනීමට නොහැකි විය. හ්ම්......මීට කලින් මේ ප්‍රශ්ණය මගෙත් දෙතුන් දෙනෙක් ඇහුවා, දත්ත තරමින් උදවු කලා, ඔන්න අද ඔයාලා හැමෝටම කියලා දෙන්නම්....අපි අතර Singlish විදිහට ටයිප් කරන ගොඩක් අය ඉන්නවනෙ, ඔයාලට තමයි මේ Google IME එක වැදගත් වෙන්නෙ, හැමදාම Download කරන එක කරදරයි නම්, එයාලටත් මේක හොදයි. මේ සදහා අපි එක වතාවත් මෙය Download කරගන්න ඕනෙ, ඒ සදහා http://www.google.com/ime/transliteration/ මෙම ලින්ක් එකට ගිහින්, Choose Language List Box එකෙන්, Sinhalese තොරන්න, පසුව OS එක අනුව 32bit, 64bit තොරගෙන, Download Google IME ක්ලික් කරන්න...

එවිට මෙය ඔබේ පරිගණකයට Download වීම ඇරබෙයි, ඔබට සාමාන්‍ය කුඩා File එකක් Download වේවි, එය භාවිත කර තමයි Download කරගත යුත්තේ, එය Double Click කර Open කරගන්න, එවිට Download වීම අරබෙයි, මේ සදහා යම් වෙලාවක් ගත වේවා ඔබේ Connection Speed එක අනුව. අනතුරුව එබට දකින් පුළුවන්, End user license agreement වින්ඩෝ එක, මෙයි මුකුත් සිදු කරන්න එපා, මෙයින් නවතින්න.


පසුව, RUN එක විවෘත කරගන්න, Start >> Run හෝ Windows key + R එකවර එබීමෙන් Run Window එක විවෘත කරගැනීමට පුළුවන. පසුව එහි මේ විදිහට ටයිප් කරන්න, %programfiles%\Google\Update\Download මෙය යොදාගෙන Enter key එක ඔබන්න.



දැන් ඔබට Window එකක් විවෘත වනු දකින්න පුළුවන්, මෙහි විදිහෙ ෆෝල්ඩර් එකක් දකින්න පුළුවන්, {06A2F917-C899-44EE-8F47-5B9128D96B0A} මෙය විවෘත කරන්න, මෙහි ඔබට දකින්න පුළුවන්, Google IME Setup එක, මේ නමින්, googlehindiinputsetup.exe හ්ම්......



ඉතින් අය හැමදාම Download කර කර ඉන්න ඕනෙ නෑ......Download කරගත්ත File එක වෙනත් Partition එකක තියාගන්න......ඔන්න යාළුවනේ කතාව අහවරයි.....ප්‍රශ්ණ තිබුනොත් කියන්න

No comments:

Post a Comment