Thursday 9 January 2014

Huawei E173 Dongle Unlock කරමු


ආයුබොවන්, ඔබ සියළු දෙනාටම. මේ දවස්වල නිතර අහන ප්‍රශ්ණයකට විසදුම් ලබාදීමට තමයි මේ සූදානම. මම මීට කලින් Huawei E153 Dongle එක අන්ලොක් කරන විදිහ කිව්වා මතක ඇති, ඉතින් ගොඩක් යාළුනො ඩොන්ගල් එක අන්ලොක් කරගෙන තිබුනා. මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි Huawei E173 Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.

මුලින්ම මේගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.

මේ Huawei E173 Dongle එක Firmware Update කරන්නෙ නැතුව Unlock කරන්න බැහැ, ඒ නිසා මුලින්ම Firmware Update එක Download කරගන්න....(පහල පිංතූරය උඩ ක්ලික් කරලා Download කරගන්න)
 

මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Firmware එකට අමතරව Code Generator එකකුත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එකත් Download කරගන්න.



මුලින්ම අපි Unlock කරන්න උත්සහ කරන Dongle එකේ Flash Code එක හොයාගන්න ඕනෙ, ඒ සදහා ඔයා බාගත්ත Code Generator එක Open කරගෙන, ඔයා අන්ලොක් කරන්න හදන Dongle එකේ IME එක Type කරලා Calculate කරන්න, ඔයාට Flash Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න. 



ඔයා බාගත්ත Firmware Update එක රන් කරන්න, එහිදී ඔයාගෙන් මේහි Password එකක් අහයිඒ තැනට ඔයා කොපි කරගත්ත Flash Code එක දෙන්නඒක තමයි Password එක :D



මෙම Firmware Update එක සිදුවීමට යම්තරමක වෙලාවක් ගතවෙනවා. මේ අතර තුර කාලයේ ඔයාගෙ Computer එක Off වෙන්න නොදී වග බලා ගන්න ඕනෙ. යම් හෙයකින් විදුලි බිදවැටීමකින් හෝ Firmware Update එක අතර තුර Computer එක Off උවහොත් ඔයාගෙ Dongle එකටත් Sorry.com මේ නිසා UPS එකක් තියෙන PC එකක් හෝ Laptop එකක් පාවිච්චි කරන්න....


Firmware Update එක සිදුවීමෙන් අනතුරුව, ඔබේ Dongle එකට ඔබට කැමති SIM එකක් යොදාගෙන අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. ඩොන්ගල් අන්ලොක් කරගන්න බැරුව ඉන්න අයට. මේ ලිපිය වැදගත් වෙයි. එහෙනම් ඔබට මේ ලිපිය වැදගත් නම් බ්ලොග් එකට Like එකක්, Post එකට Comment එකක්, Follow පාරක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. මම ගියා තවත් වැදගත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි!

1 comment:

  1. If anyone was unable to unlock your modem through the above method means try any one of the online unlocking service
    provider like ProUnlocking.com Here you can
    unlock your modem by network unlock code at low cost.

    ReplyDelete