Thursday 2 January 2014

Linux සහ Unix පටලැවිල්ල

Linux සහ Unix පටලැවිල්ල


ලිනක්ස් සහ යුනික්ස් : අපි අතර ඉන්න ගොඩක් හිතාගෙන ඉන්නවා Linux කියෙන්නෙ Unix වලින් ගොඩ නැගුන පද්ධතියක් කියලා. මේ වැරැද්ද ගොඩක් අය කරනවා. Linux කියන්නෙ මොකක්ද Unix කියන්නෙ මොකක්ද කියලා හරි අවබෝධයක් නැති උනාම තමයි එහෙම වෙන්නෙ. මම කලිනුත් කියලා තියෙනවා Linux කියන්නෙ Kernel එකක් කියලා. එතකොට මේ Unix කියෙන්නෙ මොකක්ද? Unix කියන්නෙ ප්‍රකාශණ හිමිකම් නමක් විතරයි, විවිද සමාගන් මෙම ප්‍රකාශණ අයිතිය සහ නම භාවිත කරන නරවා, එසෙම් Mac OSX, IBM AIX, SUN Solaris සහ HP-UX කියන්නෙ Unix Operating System. Unix Trademark එකෙහි අයිතිය සහ License Program පාළනය කරන්නෙ Open Group සමාගම් විකුනුම් කරු විසින්. 

Linux කියන්නෙ Kernel එකක්, Unix කියන්නෙ Operating System එකක්, එතකොට එතන තියෙන වෙනස ටිකකක් හරි තේරෙනවා ඇතිනෙ. යම් අයෙකුට ප්‍රශ්ණයක් තියෙන්න පුළුවන් මොකක්ද මේ Kernel එක කියන්නෙ : Kernel එක ලෙස හදුන්වන්නෙ පරිගණකයේ Hardware හා සම්බන්ධ වන Software එකකි. මෙය මගින් පරිගණකයේ තියෙන සියළුම Hardware කොටස් හදුනාගැනීම වගේම, පරිගණකයට අලුතින් එකතු කරන Device පද්ධතියේ ප්‍රයෝජනය සදහා සම්බන්දී කරගනු ලබන අතරමැදියෙකි. පද්ධතියට එකතු කරන විවිද කොටස් Kernel එක විසින් හදුනාගැනීමෙන් අනතුරුව හෝ හදුන්වාදීමෙන් අනතුව සෙසු පද්ධතියේ ක්‍රියාකාරකම් වලට දායක කර ගැනීමට පුළුවන. මෙය පහසුවෙන් ප්‍රතිස්ථාපනය කල හැකි වන අතර, මෙමගින් ඔබගේ පරිගණකයේ තිබෙන සියළුම Application User Mode අවස්ථාවේදී Physical Hardware, සහ Process කිරීමට අන්තර් ක්‍රියාවලි සම්බන්ධිකරණය කරමින්, මෙහෙයුම් පද්ධතියක ඔබ නොදකින විශාල කොටසක් ඉටුකර දීමට සමත්ය.

මොකක්ද මේ Linux Kernel එක,

Linux Kernel එක කියන්නෙ, ඉහත සදහන් කර පරිදි Hardware සහ Software සම්බන්ධ කරන අතරමැදියෙකි. ප්‍රධාන Kernel වර්ග 3ක් තියෙනවා. ඒ අතරින් Linux Kernel එක Monolithic Kernel එකක්, Windows සහ XNU තුල තියෙන්නෙ Hybrid Kernel එක. මුලින්ම Linux Kernel එක ලිව්වෙ Linus Torvalds කියලා අපි කවුරුත් දන්නවා. 


මම දකින විදිහට සමහරු Linux Distributions සහ Linux Kernel එක පටලගෙන තියෙනවා. මොකද අපි පාවිච්චි කරන Ubuntu, Fedora, Arch, Cent මේ ආකාරයේ විවිද Distributions හැම එකම පොදුවේ ප්‍රකාශ කරන්නෙ Linux Operating System එකක් කියලා. මොකද Linux Kernel එක තමයි, මේ හැම Linux Distributions එකකම කොදු නාරටිය වෙන්නෙ. ඒත් Linux Distributions එකක් වෙන්නෙ Linux Kernel + GUI System + GNU Utilities, Installation සහ Management Tools, GNU C/C++ Compiles + Editor සහ විවිද Application එකතුවකින්. මේ හැම එකකම එකි නෙකට Source පවතිනවා. ප්‍රධානව ගත්තම Linux Kernel + GNU එකමුතුවෙන් තමයි Linux Operating System එකක් නිර්මාණය වෙන්නෙ. 


Unix කියන්නෙ Operating System එකක්, බොහෝ Unix Operating System අන්තර්ගත වෙන්නෙ තනි Source එකක් විදිහට.


එසේම Linux කියන්නෙ Open Source Project එකක්, GNU කියන්නෙත් Open Source Project එකක්, මේ Project දෙකම පවතින්නෙ GPL License එක යටතේ, ඒත් Unix කියන්නෙ Close Source Operating System එකක්.

ඇයි එතකොට Linux Based Operating System එකක්, Unix Like OS Family ලෙස වර්ග කර තියෙන්නෙ. Unix-Like කියන්නෙ Unix වගේ කියන්න, Unix වල Source එකයි Linux වල Source එකයි එක සමාන නෑ, ඒ දෙක වෙනස්, මොකද Unix Operating System එකක් Open Source උනේ නැහැ (අද ඒ තත්වෙ වෙනස් වෙමින් පවතිනවා) එතකොට Source එක බලන්නෙ නැතුවයි Linux ලියවුනෙ. මුලින්ම Unix වල තමයි Root Partition එක සහ Supper Use හදුන්වලා දුන්නෙ, ඒ පහසුකම් Linux වලත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පහසුකම් Linux තුල තියෙන නිසයි Linux Kernel සහ Linux Distributions, OS Family එක විදිහට Unix-Like ලබාදී තිබෙන්නෙ  : ඔන්න ඕකයි කතාන්දරේ, ලිහාගන්න බැරි අවුලක් ලියාගත්තා නම් ඔබට ජය සතුට !

No comments:

Post a Comment