Thursday 9 January 2014

ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන

ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන

ආයුබෝවන්.........    
  
ද්විත්ව තිර ලැප්ටොප් පරිගණකය ලොවට හදුන්වා දී නොබෝ කාලයකින්ම ඇන් ද්විත්ව තිර ජංගම දුරකථනයත් කරළියට පැමින තිබේ. Kyocera Echo ලෙස හදුන්වා දී ඇති මේ ද්විත්ව තිර ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය නම් දෙපසට විවෘත වන ආකාරයට ඇති තිර දෙකම මත වෙන වෙනම වැඩසටහන් දෙකක් විවෘත කරමින් වැඩ කළ හැකි වීමයි.


ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් අළුත් පිටුවක් පෙරළමින් පැමිණි මේ වනතම තාක්ෂනය හේතුවෙන් අනාගත ජංගම දුරකථනයේ හැඩ රුව මෙන්ම ක්‍රියාකාරීත්වය ද දැවැන්ත පෙරලියකට බදුන් වනු ඇත. Simul-Task Mode ලෙස හදුන්වා ඇති නව තාක්ෂණික ක්‍රමවේදයක් මගින් මෙහි ඇති තිර දෙක මත වෙනම කාර්යන් දෙකක් කළ හැකි වීම නිසා ජංගම දුරකථනයත් ඉදිරියේදී Multi-Tasking ලෙස ක්‍රියා කරනු ඇතැයි සැලකේ. මෙහි පවතින දුර්වලතාවය වන්නේ තිර දෙකමට බලය ලබාදීම නිසා දුරකථනයේ බැටරි ධාරිතාවය ඉක්මනින් ක්ෂය වීමයි.

අගල් 3.5 ක WVGA තිර දෙකකින් සමන්විත මේ Kyocera Echo ද්විත්ව තිර ජංගම දුරකථනය 1GHz QSD8650 ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසෙසරයකින් බල ගන්වා තිබේ. එමෙන්ම 8 GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් ද, මෙගා පික්සල 5 ක කැමරාව සමග වීඩියෝ සහයෝගයද සහිතව මෙම දුරකතනය වෙළදපොලට ඉදිරිපත් කරන බව නිෂ්පාදක සමාගම පවසයි. පැය 7 ක පමණ කථා කාලයක් ඇති බව ප්‍රකාශ වුවත් මෙහි ඇති බලවත් ප්‍රොසෙසරය හා වීඩියෝ, ගේම්ස් හා මල්ටිමීඩියා ඇප්ලිකේෂන් හරහා බැටරි ආයු කාලය අඩුවිය හැකි බවයි පැවසෙන්නේ.

ජංගමදුරකථන ලෝකයට නැවුම් අත්දැකීමක් වන මේ ද්විත්ව තිර ජංගම දුරකථනය අනාගත ලොව පෙරලියක් කරනු නොඅනුමානයි.

No comments:

Post a Comment