Thursday 2 January 2014

මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි

මයික්‍රොසොෆ්ට් සෝෂල් නෙට්වර්කිං සේවය - සිසුන් සදහා සුවිශේෂයි



මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම සොසල් නෙට්වර්කිං සේවයක් එළි දක්වන්නට සැරසෙන බව මීට පෙර විටින් විට වාර්තා වී තිබුණි. මේඅනුව ඔවුන් විසින් පසුගිය දවසක එළි දක්වනට යෙදුණු නව සොසල් නෙට්වර්කිං සේවය (Www.so.cl) ලෙස ලෝකයාට ඉරිදිපත් කෙරුණි.මෙම සොසල් සෙන්වර්කිං සේවය දැනට පවතින අනෙකුත් සොසල් නෙට්වර්කිං සර්විසස් වලට හාත්පසින්ම වෙනස් අරමුණක් පෙරදැරිකරගෙන අලුත් විදිහටකට නිර්මාණය කරලීමට මෙහි පාලක මඩුල්ල ක්‍රියා කර තිබේ. ෆේස්භුක්, ගූගග් +,ට්විටර්, ටම්බ්ලර් හෝ ලින්ක්ඩ්ඉන්සේවයන්ට වඩා වෙනස් ආකරයට නිර්මාණය කර තිබීම විශේෂයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ අනෙකුත් සෝෂල් නෙට්වර්කිංසේවයං සමඟ තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ලෝකය පුරා පැතිර තිබෙන ෆේස්භුක් සෝෂල් නෙට්වර්කිං සේවයටඅභියෝග කරන්නට තරම් මයික්‍රොසොෆ්ට් සේවයට අවශ්‍යතාවයක් නොමැති. සියලුම සොසල් නෙට්වර්කිං සර්විසස් සමඟ සුහදව මෙහික්‍රියාකාරීත්වය ගොඩ නගා ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි. 

මයික්‍රොසොෆ්ට් සමාගමේ සෝෂල් නෙට්වර්කිං සර්විසස් එක සම්බන්ධයෙන් ඔවුන් පවසන ආකාරයට, අනෙකුත් සෝෂල් නෙට්වර්ක්සමඟ එකිනෙකට ඈදා සකසා තිබෙන අලුත් සේවයක් ලෙසටයි. මෙයි විශේෂ නැතක් හිමිවන්නේ සිසුන් සදහායි. සිසුන්ගේ අධ්‍යාපනකටයුතු සහයෝගයෙන් කරගැනීමට මෙම සෝෂල් නෙට්වර්කිං එක පහසුකම් සලසා දී තිබේ. මේ සදහා වින්ඩෝස් ලයිව් අකවුන්ට් එකින්හෝ ෆේස්භුක් අකවුන්ට් එකකින් පිවිසීමේ අවස්ථාවත් ලබාදී තිබේ. 

මුලින්ම www.so.cl වෙත පිවිසෙන්න. ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක මාර්ගයෙන් හෝ වින්ඩෝස් ලයිව් අකවුන්ට් එක මාර්ගයෙන් මෙහිසමාජිකත්වය ලබාගන්න. වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එහි උඩු කෙළවරේ දකුණු පැත්තෙහි තිබෙන බට්න් එක උපයෝගී කරගිමින්එක සිදු කිරීමට පුළුවන. 



මේ ආකාරයට සෝ.සීල් එකේ අකවුන්ට් එකක් ෆේස්භුක් අකවුන්ට් එකක් ආධාරයෙන් නිර්මාණය කරගන්නේ නම්...ඔබගේ ෆේස්භුක්එකවුන්ට් එකෙහි සිටින මිතුරන් මෙහි රෙජිස්ටර් වී ඇතිනම් ඔවුන් ඔබේ මිතුරන් බවට පත්කරගැනීමට පුළුවනි. අනතුරුව ඔබට මේආකාරයේ සෝෂල් පිටුවක් දක්නට ලැබේවී.

ඔබ මෙම සොසල් සේවයට අතුළු වූ පසුව ඔබට මේ හරහා ක්‍රියාකරවා ගත හැකි දෑ බොහෝය. මෙහි ඔබට අවශ්‍ය දෑ පොස්ට් කිරීමේහැකියාව ලැබෙනවා. එම පොස්ට් එනෙකුත් මිතුරන් සමග ටැග් කිරීමේ හැකියාවත් හිමිවේ. ඒ වගේම ඔබගේ මිතුරන් විසින් ලියන ලදපොස්ට් ඔබගේ ගිණුමෙහි මිතුරන්ගේ පොස්ට් ලෙස දැකගැනීමටද පුළුවනි. පොස්ට් එකට අදහස් ප්‍රකාශ කිරීමටත් පුළුවනි.



ඔබට පොස්ට් එකක් සකසා ගැනීමේදී වඩාත් පහසුකරදීම සදහා බ්රිග් ස්ර්ජ් එන්ජිමෙ ආදරයෙන් එහි ඔබට පොස්ට් එකක් යොදාගැනීමටඅවශ්‍ය මාතෘකාව ලබාදුන් විට, ඒ හා සම්බන්ධ තොරතුරු, පිංතූර, වීඩියෝ සියල්ල සියල්ල දැකගැනීමට පුළුවන. මෙහිදී ලැබෙන ලින්ක්සමඟ පහසුවෙන් ක්‍රියාකරවීමට කැකිවේ. ඒ වගේම මෙහි තිබෙන පිංතූර තෝරගත් විට, ඒවා කොලාජ් චිත්‍රයක් බවට පොස්ට් එකෙහිපහළින් දැනගැනීමට පුළුවන. ඔබගේ පොස්ට් එක ලීවීමටත්, සබැදි ඇතුළත් කර ඒ හදහා තොරතුර බලාගන්නට මිතුරාට දැන්විය හැකිය. 


ඔබට මා ඉහතී පැහැදිලි කර විදිහට, ඔබගේ ෆේස්භුක් අකවුන්ට් එක ආධාරයෙන් සෝ.සීල් එක වෙත ඇතුළු වූයේනම් ඔබට ඔබ මෙහිඉදිරිපත් කරන පොස්ට්, ෆේස්භුක් එකෙහිදී දැකැගීමටද පුළුවනි. ඒ අනුව ඔබගේ ෆේස්භුක් මිතුරන්ට ඒ හරහා සෝ.සීල් වෙත පිවිසීමටපුළුවනි.

මෙම සේවය ඉදිරිපත් කරනු ලැබුයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ (FUSE Labs) හි ප්‍රධානත්වයෙනි. එහි ප්‍රධානිය වන්නේ ලිලී වෙංනැමැත්තියයි. මෙම සේවය මොවුන් දියත් කළේ මීට සෑහෙන කාලයකට කලිනි. ඒ නිව්යෝර්ක්, වොෂිංටන්,සිරුකියෝස් විශ්ව විද්‍යාලසදහා පමණි. ඔවුන් අතර මෙය ජනප්‍රිය වීමෙන් අනතුරව. ලොක වාසී සියල්ලන්ටම මෙය ඉදිරිපත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණයකළේය. පසුගියදා මෙය ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට මෙම අලුත් ශේෂල් සේවය නොමිලේම අත්වීදීමටපුළුවන.

No comments:

Post a Comment