Thursday 2 January 2014

සුපිරි ආරක්ෂාවක් නොමිලේම -: ZoneAlarm Free Antivirus + Firewall

සුපිරි ආරක්ෂාවක් නොමිලේම -: ZoneAlarm Free Antivirus + Firewall


වර්තමාන ලොකයෙහි පරිගණක භාවිත කරන පිරිස දිනෙන් දින වැඩිවන සේම, පරිගණක භාවිත කරන්නන් හට හානි පමුණුවන වැඩසටහන් ලොකයා අතර පැතිරී යාම ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. පරිගණක වෙත පැමිණ පැලපදියම් වන විනාශ කාරී වැඩසටහන් නිසාවෙන් එහි හිමිකරු විසින් කරන්නා වූ ක්‍රියාවලියන් සදහා බාධා ඇති කරනු ලබයි. මෙම හේතුන් නිසාවෙන් පරිගණක ආරක්ෂා කිරීමට ඇප කැප වන්නා වූ විවිධ සමාගම් තිබෙනවා. එම සමාගම් සතුව විවිධ ආකාරයේ නිෂ්පාදන තිබෙනවා. ලංකීය පරිගණක ලෝලීන්ගෙන් වැඩි පිරිසක් නොදන්න අගනා නිර්මාණයක් ලෙස ZoneAlarm Free Antivirus + Firewall හදුන්වා දීමට පුළුවන. මෙම මෘදුකාංගය නිර්මාණය කරනු ලබන්නේ Check Point Software Technologies විසිනි. නොමිලේ ලබාදෙන මෘදුකාංගයන් අතර ප්‍රධාන පෙළේ නිර්මාණයක් වන මෙය අපට සරිලන සුපිරි ආරක්ෂාවක් ලබාදෙන මෘදුකාංගයකි. මෙය අනෙකුත් නිර්මාණයන් හා සසදන කල ඉන් වෙනස් වන ප්‍රධාන කරුණක් ලෙස දැක්වීය හැක්කේ, නොමිලේ ලබාදෙන ප්‍රතිවෛරස මෘදුකාංග බොහොමයට Firewall තාක්ෂණය හිමි කර නොදීමයි. එහෙත් මෙමගින් ඔබට Antivirus සහ Firewall සහ පහසුකම් ද්ත්වයම නොමිලේ ලබාදේ.

ZoneAlarm Free Antivirus + Firewall මෘදුකාංගය මකින් විවිධ ස්තරයන් ඔස්සේ අප පරිගණකය ආරක්ෂා කරදීම සිදු කරයි. භාවිතයට පහසු අතුරු මුහුණතකින් නාර්මාණය කර තිබීම නිසා වැඩි අවබොධයක් නොමැති අයෙකුට උවත් ගැටළුකාරීත්වයක් ඇති නොවේ. ZoneAlarm සතුව තිබෙන ශක්තිමත් Firewall එක මගින් ඔබේ පරිගණකය ක්‍රම දෙකක් යටතේ ආරක්ෂා කරයි, එය පරිගණක දෙසට එන පරිගණකයෙන් පිටතට යන ලෙස දෙවර්ගයෙන්ම බලසම්බන්නයි. මෙමගින් පරිගණකය වෙන පැමැනෙන Hacking ප්‍රහාර Block කිරීම සිදු කරනා සේම, ඒවා නතර කරලීමද සිදුවෙයි. පරිගණකයේ තිබෙන Data සොරකම් කර වෙනත් Servers වෙත පටත්කර හැරීම නවතාලීම Web Security ඔස්සේ සිදු කරයි. එව ක්‍රියාකාරරිත්වය බලගන්වන්නේ ZoneAlarm DefenseNet තුන්වන පරම්පරාවේ Cloud-based Service ආධාරයෙනි. ZoneAlarm DefenseNet ස්වයංක්‍රීයව සත්‍යතාව තහවුරු කර ආරක්ෂාව ලබාදෙන Program එකකි. මෙමගින් මිලියන 60 අධික පිරිසකයේ ආරක්ෂාව සලසා දේ. අනතුරු සහ බාධා සම්පූර්ණයෙන් ඉවත් කරදමන අතර, ZoneAlarm’s බලසම්පන්න ප්‍රතිවෛරස Engine මගින් විනාශකාරී වැඩසටහන් සොයා බැලීම, අනාවරණය කරගැනීම, පරිගණකය තුළින් ඉවත් කරදැමීම නොඅඩුව සිදු කරයි. තවදුරටත් පෙර නොවූ අයුරින් නිර්මානිත ZoneAlarm’s OSFirewall එකතු කර තිබෙන නිසාවෙන් පරිගණකය වෙත පැමැනෙන සැක කටයුතු සහ නුපුරුදු Attacks නවතාලනු ලබයි.




ZoneAlarm Free Antivirus + Firewall ප්‍රධාන පහසුකම් -:
  • Antivirus/Anti-Spyware Engin - සොයැබැලීම, අනාවරණය කරගැනීම, ඉවත් කරදැමීම. හදුනාගත් සහ අඥාත විනාශකාරී වැඩසටහන්, (Viruses, Spyware, Trojan Horses, Worms, Bots, සහ Rootkits ආදී දෑ)
  • Two-Way Firewall - විනාශකාරී ලෙස හැසිරෙන්නන්ගෙන් (Hacker) ඔබේ පරිගණකය Insible කර දැකීමට සහ Syware ආධාරයෙන් පරිගණකයේ තිබෙන Data අන්තර්ජාලය හරහා සොරා ගැනීම නැවතාලීම 
  • OSFirewall (Advanced Firewall) - සාම්ප්‍රදායික antivirus software and security suites මගහරයන නුපුරුදු පහරදීම් හදුනාගෙන ඒවා නතරකරලීම 
  • Anti-Phishing/Site Status Toolbar - අව්යාජ වෙබ් අඩවි සහ සහතික නොකරනලද වෙබ් අඩවි බ්ලොක් කිරීම, අනතුරුදායක වෙබ් අඩවියක් බව දන්වා සිටීම.
  • Advanced Download Protection - පරිගණකය වෙත බාගතකරන Fie විශ්ලේෂණය කරමින් ඒවයෙහි විනාශකාරී වැඩසටහන් ඇත්දැයි පරික්ෂා කිරීම සහ ඒවා බ්ලොග් කිරීම.
  • Identity Theft Protection - Data Encryp කර හුරමාරු කිරීම සහ Offline Ientity Potection
  • Online Backup - සොරකම් කිරීමෙන්, හදිසි අවස්ථා, දෘඪ තැටියෙහී දෝෂ නිසා නැතිවී අය ඔබගේ ලිපිගොනු රැකගැනීම.
  • User-Friendly Interface - පහසුවෙන් ක්‍රියාකරවිය හැකි අතුරු මුහුණත 
  • Compatible - Windows 7, Windows Vista සහ Windows XP, මැතකදී නිකුතු කරන ලද සියලුම මෙහෙයුම් පද්ධති ආරක්ෂා කිරීමට සහය දැක්වීම

ඉහතින් විස්තර කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ද Video දර්ශණය පහලින් නරඹන්න


මෙම ZoneAlarm Free Antivirus + Firewall මෘදුකාංගය ඔබට නොමිලේ Download කරගැනීමේ හැකියාව තිනවා. Crack, Serial යොදාගැනීමට අවශ්‍ය නැත. ඔබගේ ප්‍රතිවෛරස මෘදුකාංගය ඔබට අරියාදු කරනවාද? එසේනම් මෙය භාවිත කර බලන්න. පසුව Update කරගන්න. එතැන් සිට ඔබගේ පරිගණකය ආරක්ෂාකාරීව ක්‍රියාකරවා ගැනීමට පුළුවන. 

No comments:

Post a Comment