Thursday 2 January 2014

Google Plus සොෂල් නෙට්වර්කිං සේවය - වදයක් නොවී මිතුරන් වෙන්න :-)

Google Plus සොෂල් නෙට්වර්කිං සේවය - වදයක් නොවී මිතුරන් වෙන්න :-)



අප අතර සිටින බොහෝ දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ඔවුන් කරන්නේ විවිධ සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි තුළට පිවිස මිතුරු හවුල් ඇති කරගැනීමයි. අන්තර්ජාලය භාවිත කරන සෑම පුද්ගයෙකුව දැනට පවතින එක් සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවියක හෝ සාමාජිකත්වය ලබාගෙන සිටිනු නොඅනුමානයි. සොසල් නෙට්වර්කිං වෙබ් අඩවි හරහා ගොඩ නගන මිතුර හවුල විවිධා කාර වේ. මෙම ශේෂල් නෙට්වර්කිං වෙබ් අඩවි අතුරින් වඩාත් ජනප්‍රියත්වයක් උසුලා සිටින්නේ ෆේස්භුක් සමාජජාල වෙබ් අඩයියයි. ඉන් පසුව මෑත කාලයේ ලොව විශාලතම සමාගමක් මෙම මිතුර හවුලට පය තැබුයේය. ඒ අනුව ඔවුන් විසින් ඔවුන්ගේම සෝෂල් නෙට්වර්කිං සේවයක් ලෝකයාට ඉදිරිපත් කරන ලදි. මේ ගැන තොරතුරු ඔබ හරිහැටි නොදනින් බවත්, එහි වටිනාකම හරිහැටි හදුනන්නෙ නැති බවත් පැහැදිලියි. මෙහි ගොඩනැගීමේ සිට Google Plus සම්පූර්ණ විස්තරයක් මේ යටතේ සාකච්ඡා කරමු.

මෙම සෝෂල් නෙට්වර්කිං සේවට ප්‍රථමයෙන් තිබුණේ අන්තර්ජාලය හරහා තමන් කවුදැයි හදුන්වා දීය හැකි වෙබ් අඩවි විශේෂයි. ඒවා හැදින්වනු ලැබුණේ (Identity Service) ලෙසටයි. සිංහලෙන් (අන්තර්ජාල අනන්‍යතා සේවා) ලෙසට නම් කළ හැකියි. මෙම සේවා ලබාදෙනු ලැබුණේ ලින්ක්ඩින් (linkedin.com), බෙබෝ (bebo.com), සින්ග් (zing.com) යනාදී ඒවාය. මින් පසුව අන්කර්ජාලය හරහා මිතුරු හවුල් ඇති කරගත හැකි සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවි සම්ප්‍රදාය ලෝකය අතර ප්‍රචලිත විය. දැනට ලොව ප්‍රබල සෝෂල් නෙට්වර්කිං වෙබ් අඩවිය වන්නේ ෆේස්භුක් (facebook.com) ය. මින් පසුව ට්විටර් (twitter.com), මයිස්පේස් (myspace.com) යනාදී වෙබ් අඩවි හදුන්වා දිය හැකියි. නොබෝදා මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගෙමේ සොසල් නෙට්වර්කිං වෙබ් අඩවියද එකතු වුණි. මෙම සේවාවන් වත්මන් සමාජයේ බොහෝ දෙනෙකුගේ භාවිතයේ ඇති සේවාවක් වේ. ලංකීය සමාජයේදී මෙම මිතුර හවුල් සේවා බොහෝ ජනප්‍රියයි. මෙම සොසල් නෙට්වර්කිං වෙබ් අඩවියක පෙර පැවති අයිඩෙන්ටිටි සේවා වලින් සැපයෙන පහසුකම් සහ එහි වැඩි දියුණු කිරීමක් ඉදිරිපත් කර තිබේ.



ගූගල් සමාගමේ සෝෂල් නෙට්වර්කිං සේවා


ගූගග් සමාගම ප්‍රතාම වතාවට සොසල් නෙට්වංකිං සේවය වෙත පියනැගුවේ Google Plus හරහා නොවෙයි. ඔබ සිතාගෙන සිටියේ එසේද? හ්ම්.. ගූගල් සමාගමේ පළමු සොසල් නෙට්වර්කිං සේවය ආරම්භ කරන ලද්දේ 2004 ජනවාරි මාස 24 වැනි දිනය. මෙම සේවය ඔවුන් විසින් ක්‍රියාත්මක කළත්. මෙය දැනට ක්‍රියාත්මක වන්නේ බ්‍රසීලයේදී පමණි. මින් අනතුරුව ගූගල් සමාගම 2008 මැයි 12 දින Friend Connect ලෙස නැවතත් සොසල් නෙට්වර්කිං සේවයක් ආරම්භ කරල ලදි. එහෙත් එයද අසාර්ථක ප්‍රයත්නයක් වුණි. ඉන් අනතුරුව මෙම වර්ෂයේ මාර්තු මසදී එහි ක්‍රියාකාරීත්වය අවසන් කර දැමුයේය. Friend Connect අසාර්ථක වීමෙන් අනතුරුව ගූගල් සමාගම විසින් බස් (Buzz) ලෙස නවතම ශේෂල් නෙට්වර්කිං සේවයක් දියත් කෙරුණි. එය ආර්ම්භ කරන ලද්දේ 2010 පෙබරවාරී 09 වැනිදාය. එහෙත් එයත් ඔවුන් විසින් දියත් කෙරුණු අසාර්ථක ප්‍රයත්නයක් විය. එම නිසාවෙන් 2011 දෙසැම්බර් 15 දින එය නවතා දැමීමට ඔහුන් තීරණය කළේය.

මේ ආකරයට ගූගල් සමාගම විසින් විටින් විට සෝෂල් නෙට්වර්කිං සේවයක් ඉදිරිපත් කරනු ලැබුවත් ඒ සියල්ල ආසාර්ථක විය. ඒ අනුව ගූගල් සමාගම යටතේ ඔවුන්ගේ අසාර්ථක්වයට හේතු දීර්ඝ කාලයක් තුළ හැදැරීමෙන් අනතුරුව ගූගල් ප්ලස් සොසල් නෙට්වෝකිං සේවය ඉදිරිපත් කළේය. මීට පෙර ඔවුන් තුළ පැවති වැරදි නිවැරදි කර ගනිමින් මෙම සේවය දියත් කර ඇත.

ගූගල් සමාගම මීට පෙර ඉදිරිපත් කෙරුණු සොසල් නෙට්වර්කං සේවයන් නිර්මාණය කිරීමට සුළු පිරිසක් යොදාගත් අතර ඒ සදහා අඩු මුදලක්ද වැය කළේය. එය වැරැද්දක් යැයි සිතූ ගූගල් සමාගම ගූගල් ප්ලස් නිර්මාණය කරලීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 585 හෙවත් කිට්ටු වශයෙන් රුපියල් කෝටි 6000ක් පමණය. බැලූ බැල්මට මෙච්චර ධනස්කන්ධයක් මේ සදහා වියදම් කළාද කියලත් ඔබට සිතේවී. මේ සදහා තාක්ෂණික ශීල්පීන් 500ක් පමණ Plaxo.com ඔන්ලයින් සොසල් නෙට්වර්කිං සේවයෙන් ගෙන්වා ගෙන ඔවුන් යටතේ මෙය නිර්මාණ කරවූවකි.




මීට පෙර ගූගල් සමාගම විසින් විවිධ වූ සොසල් නෙට්වර්කිං ගොඩ නැගුවත් ඔවුන් එය ඉදිරිපත් කරනු ලැබුයේ ගූගල් සර්චි හි තිබෙන තවත් අකුරු සේවාවක් ලෙසටයි. එහෙත් මෙවර ගූගල් ප්ලස් ඉදිරිපත් කරනු ලැබුයේ ගූගල් සමාගමේ සේවාවන් එක්තැන් තරමින් අගනා නිර්මාණයක් ලෙසටයි. ඒ නිසාවෙන් ගූගල් වෙත ඇදන සැවොම ගූගල් ප්ලස් හා එක්කාසූ වීම සිදුවේ. ඒ වගේම Gmail සේවය සදහා ලියාපදිංචි වන විට Google Plus ගිණුමක්ද Create කර දීමට ඔවුන් සැකසුම් සකස් කර දීම නිසා Google Plus වෙල ඇදෙන පිරිස බොහෝ සෙයින් වැඩිවන්නට ඇති.

මේ ආකරයෙන් ගොඩ නැගුණු Google Plus අද වන විට අන්තර්ජාලය තුළ වැඩියෙන්ම සෙනඟ රොද බදින සේවාවක් වේ. මෙම සේවාව අරම්භ කල කල්හි දිනපතා ගූගල් ප්ලස් වෙත අලුතින් එකතු වූ සෙනඟ, හයලක්ෂ විසිපන් දහසකි. ගූගල් ප්ලස් ආරම්භ කළ 2011 ජූනි 28 වැනිදා සිට ගෙවී ගිය හය මස තුළ - එනම් 2011 දෙසැම්බර් මස තෙක් කාලය තුළ - ගූගල් ප්ලස් සේවය වෙත එක්වූ මුළු සෙනඟ, හයකෝටි විසිලක්ෂයක් හෙවත් මිලියන 62 කි. මේ අනුව පෙබරවාරී මස වන විට ගූගල් ප්ලස් සාමාජික සංඛ්‍යාව කෝටි 10ක් හෙවත් මිලියන 100කි. මේ අනුව වර්ෂ 2013 ආවසන් වෙනු ඇත්තේ ගූගල් ප්ලස් හි සාමාජිකයක් කෝටි 40ක් හෙවත් මිලියන 400ක් වෙතැයි ගූගල් සමාගම ගන්න බලා තිබේ. අද ලොව ජනප්‍රියතම ෆේස්භුක් සෝෂල් නෙට්වර්කිං එකෙහිද සාමාජික සංඛ්‍යාව මිලියන 800කි. මේ අනුව ගූගල් ප්ලස් Facebook සඳහා දැවැන්ත අභියෝගයක් වේවි.



ලොව ප්‍රබලම සමාජ ජාල වෙබ් අඩවිය සහ ගුගල් ප්ලස් එකි නෙක වෙනස්කම් රාශියක් පවතී. ගූගල් ප්ලස් වලදී මිතුරු මිතුරියන් විවිධ මාතෘකා ඔස්සෙ බෙදා වෙන් කරන්නට පුළුවනි. ඒ සදහා ප්ලස් සර්කල් (+ Circle) නම් පහසුකම් ලබා ගැනීමය. මිතුරන් අදාලා මාතෘකා වලට ඩ්‍රැග් කිරීම මගින් ඔවුන් බෙදා වෙන් කරගත හැකිය.

අන්තර්ජාල තුළ හමුවන වැදගත් තොරතුරු ඔබගේ මිතුරු, මිතුරින් සමඟ හුවමාරු කරගැනීමට කැමති දෑ බොහෝය. එහෙත් අනෙකුත් වැඩ නිසා ඒවා Share කරන්නට වෙලාව මදිය. ප්ලස් ස්පාක් (+ Spark) ඊට උදවු කරයි. ගූගල් සර්ච් එන්ජින් එකෙන් සොයගන්නා වටිනා තොරතුරු ටැග් කොට තබා පසුව Share කරන්නටත් (+ Spark) හරහා පුළුවන.

ගූගල් ප්ලස් සේවය විසින් මිතුන් සමඟ චැට් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එය හදුන්වනු ලබන්නේ (+ Hangout) ලෙසටයි. බොහෝ දෙනෙක් කැමති විශේෂාංගයක් තමයි සෝෂල් නෙට්වර්කිං සේවකට තම තොරතුරු හුවමාරු කරගැනීමට ගොඩනගන ළඳ කතා බහ.

ගූගල් + මුහුණු පොතට සාපේක්ෂව පහසුකම් රාශියක් ලබාදී තිබෙනවා. මේ අතර ජංගම දුරකථන සදහා මෙම සෝෂල් නෙට්වර්කං සේවය හරිහැටි ක්‍රියාත්මක කරදීම සදහා ඔවුන් සහල ලබාදෙයි. මෙය හදුන්වන්නේ Mobile + ලෙසටයි. කැමරාව, මැසේජ් යැවීම, ජී.පී.එස් පහසුකම මේ තුන් ආකාරයට ඔබට හිමිවෙනවා. ජංගම දුරකථනයෙහි කැමරාව මගින් ලබාගන්න පිංතූරයක් සමඟ ඔබ ඉන්න තැන අඩංගු වන සිතියමක්ද යැවීමට පුළුවන. එය හදුන්වන්නේ Location + ලෙසටයි. ඔබගේ කැමරා ෆෝන් එක ආධාරයෙන් පිංතූර එවෙලේම ගූගල් + වෙත Upload කිරීමේ පහසුකමත් හිමි කර දී තිබෙනවා. එය හදුන්වන්නේ Instant Upload ලෙසටයි. 

ප්ලස් හඩ්ල් + Haddle නම් ගූගල් + හි තිබෙන තවත් එක් පහසුකමකි. මේ හරහා එකවර මිතුර මිතුරින් ගණනාවකට මැසේජ් යැවීමට පුළුවන. මෙය ජංගම දුරකථනය හරහා උවත් සිදු කල හැකියි. මැසේජ් එක ටයිප් කර, ගූගල් + හි සිටින මිතුර මිතුරන් එයට අළලා එකවර ඒ සැමට මැසේජ් යැවීමට පුළුවන. 



මේ ආකාරය නව ආරක පහසුකම් හදුන්වා දෙමින් ගූගල් + සේවය අපට ලබාදෙන්නේ ලොව ජනප්‍රියතම සර්ච් එන්ජිමෙහි හිමිකාර සමාගමයි. ගූගල් සර්ච් ලොව ජනප්‍රියතම සර්ච් එන්ජිම උවත් සොසල් නෙට්වර්කිං ක්ෂේත්‍ර‍යේ විශාල අදායමක් හිමි කර ගන්නේ වෙනත් සාමාගම් විසිනි. ඒ නිසාවෙන් ගූගල් සමාගම මෙයට මහත් නැබුරුතාවයක් දැක්වූහ. ඔවුන් පෙර ඉදිරිපත් කරවූ සොසල් නෙට්වර්කිං සේවා බිද වැටීමත් නිසා ගූගල් සමාගම විශාල පිම්මක් පැනීමට සැරසේ. සොසල් නෙට්වර්කිං ක්ෂේත්‍රෙය් අධිරාජ්‍යා වන ෆේස්භුක් සමාජ ජාල අඩවියට මෙය ලොකු අභියෝගයක්. ඒ නිසාවෙන් ගූගල් + අරම්භ වූ කල්හි. ගූගල් + හි තුබූ විශේෂාංග බොහොමටක් ෆේස්භුක් වෙතටත් යොමු කිරීමට මුහුණු පොතෙහි නිර්මාණ ශිල්පීන් ක්‍රියා කළේය.

No comments:

Post a Comment