Thursday 9 January 2014

Torrent බාගමු.........

ආයුබෝවන්......කොහොමද? යාළුවනේ......මම ඔයාලට ඊයේ දිනයේදී නම් ඉදිරිපත් කළේ අපිට නැතිවම බැරි මෘදුකාංගයක් වන Recovery මෘදුකාංගයක්......ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන දේත් ගොඩක් වටිනවා.....ඔබ අපි හැමෝම දන්න දෙයක් නේද? මේ IDM (Internet Download Manager) ඔය කවුරුත් හිතන්න නැතුව ඇති Torrent File බාගන්න IDM පුළුවන්.....මොකද? IDM එක ගොඩක් ස්පීඩ්........


ටොරෙන්ට් බාන්න දැන් තියෙන මෘදුකාංග වෙන්නේ UTorrent, BitTorrent, MediaGet මේ මෘදුකාංග භාවිතා කරගෙන ටොරෙන්ට් සයිට් වල තියෙන ටොරෙන්ට් ගොනු බාගන්න පුළුවන්......ඉතින් අපි අද බලම Internet Download Manager එකෙන්ම ටොරෙන්ට් බාගන්න විදිහ....මොකටද එක එක මෘදුකාංග ගොඩක් ඉන්ස්ටෝල් කරගන්නේ....නේද? හි හි........

පළමුවෙන්ම අපි කරන්න තියෙන්නේ, torrific.com මෙම වෙබ් සයිට් එකේ Register වෙන එක, මේ සයිට් එක මල වදයක් නෙවෙයි Email එකයි Password එකයි විරයි දෙන්න තියෙන්නෙ, එච්චර කැටයම් නෑ....ඒ නිසා ගොඩක් පහසුයි......පහතින් එහි Register වෙන්න......
Go To Register Click Here
 පහත තිබෙන්නේ එහි පින්තූරයක්.....මේ ආකරයට දත්ත ඇතුලත් කරගෙන Sign Up බට්න් එක ක්ලික් කරන, එවිට ඔයා torrific එකේ register වෙනවා.....
 දැන් අපි බාගන්න යන්නේ මොන ටොරෙන්ට් සටිට් එකේ තියෙන ටොරෙන්ට් ගොනුවක්.....මම උදාහණයක් විදිහට thepiratebay සයිට් එකෙන් ටොරෙන්ට් එකක් බාගෙන පෙන්වන්නම්.....මම දැන් thepiratebay සයිට් එක විවෘත කරගෙන Office 2007 ලෙස ටටිප් කර එන්ටර් කලා....පහත පරිදි මට ඒ ටොරෙන්ට් ෆයිල් එක දකින්න පුළුවන්......එහි Download this torrent (magnet link) ලින්ක් එක උඩ Right Click කර Copy Link Location ක්ලික් කරන්න......


දැන් අපි කලින් sign up වූ torrific සයිට් එක විවෘත කරගෙන එහි .torrent URL, website URL or Keyword ලෙස සටහන් වී තිබෙන Text Box එකට ලින්ක් එක පේස්ට් (Ctrl + V) කර ඉදිරියෙන් තිබෙන Get බට්න් එක ක්ලික් කරන්න, නැතිනම් Enter Key එක ඔබන්න.....


දැන් ඔබට ඒ අදාල ෆයිල් එක torrific සයිට් එකෙන් ලබාදෙනවා.....ඔයාමේ පහත පිංතූරයේ තිබෙන ආකාරයේ පේජ් එකක් විවෘත වේවි.....එහි තිබෙන initiate bittorrent transmission බට්න් එක ක්ලික් කරන්න.....





දැන් ඔබට ලින්ක් එකක් දකින්න පුළුවන්....ඒක ක්ලික් කරන්න.......බලන්න ටොරෙන්ට් එක IDM එකෙන් Download වෙන්න පටන් ගත්තා නේද?.........අහ්....මරු නේද?.....මට නම් ගොඩක් හොදයි...මම නම් ටොරෙන්ට් වලින් එච්චර Download කරන්නෙත් නෑ....ඒත් ටොරෙන්ට් භාවිතා කරන අය ගොඩක් ඉන්නවානේ....ඒ නිසා කියන්න හිතුවා.....ස්තූතියි! සුභ දවසක්.........


No comments:

Post a Comment