Thursday 9 January 2014

LCD මොනිටරයට අභියෝග කරන LED මොනිටරය

LCD මොනිටරයට අභියෝග කරන LED මොනිටරය



                                                                 මොනිටර
ආයුබෝවන්......

පේනවා නේද ඉහත රූප දෙක, පළමු රූපයෙහි තිබෙන්නේ LCD මොනිටරයක් වන අතර දෙවැන්නේ තිබෙන්නේ LED මොනිටයක්, මේ විදිහට නම් කර නොතිබුනානම්, ඔබට වෙන්කර හදුනා ගැනීමට තරම් අපහසුයි නේද, ඇත්තටම මේ දෙකම එකව විදියේ පරිගණක මොනිටර වන අතර තාක්ෂණය ඇතින් වෙනස්ගම් කිහිපයක් ඇත, ඒ පිළිපදව දැන් අපි සාකච්චා කරමු.........



රූපවාහිනිය යනු මුළු මහත් ලෝකයේම පෙරළියක් ඇති කීමට සමත් වූ උපකරණයක් මිනිසාගේ ජීවිතයට තව තවත් පහසු කරවමින් හා විනෝදාස්වාදය මෙන්ම දැනුම යන සියල්ලම සෑම නිවෙසකම ආලින්දය වෙත ලගා කරවීමට සමත් වූ රූපවාහිණිය වර්තමානය වන විට සෑම නිවෙසකම පාහේ දක්නට ලැබෙන ගෘහ විදුලි උපකරණයක් බවට පත්න තිබේ. රූපවාහිනියෙන් පසුව මිනිසා විසින් නිපදවු තවත් අනර්ඝ නිපැයුමක් වන්නේ පරිගණකයයි. වර්තමානය වන විට පරිගණකයද මිනිසාට නැතුවන බැරි උපකරණයක් බවට පත්වී තිබේ.
රූපවාහිනිය හා සමානව පරිගණකයේද දසුන් මැවීම සදහා නැතිවම බැරි කොටසක් වන්නේ මොනිටරයයි. කලින් කලට විවිධ හැඩයන්ගෙන් විවිදාකරයේ මොනිටර් වර්ග වෙළදපොළට නිකුත් වූවත් ඒවා සියල්ලගේම පාහේ අන්තරුගත වූ එකම තාක්‍ෂණය වූයේ CRT (Cathode Ray Tube) තාක්‍ෂණයයි. CRT  තාක්‍ෂණය ලොව පුරා දශක ගණනාවක්ම රජකම් කිරීමට සමත් වුවත් මීට වසර කිහිපයකට ඉහත දී කළ එලි පැමිණි LCD (Liquid Crystal Display) තාක්‍ෂණය සහිත මොනිටරයත් සමග බොහෝ දෙනෙක්ම CRT මොනිටර අතහැර දමා LCD මොනිටර වෙත නැඹුරු වෙන්නට විය. සුපැහැදිළි දසුන් වලින් මෙන්ම අනවශ්‍ය විශාලත්වයකින් ද තොරව අඩු ඉඩකඩක් තුළ භාවිතා කිරීමට හැකි වූ විසාම LCD මොනිටර කෙටි කළක් තුළම ජනතාව අතර ජනප්‍රිය විය. කෙසේ වෙතත් LCD මොනිටරය වෙළදපොළ වෙත නිකුත් වී කෙටි කළක් ඇතුළතම එයට අභියෝග කරමින් පැමිණි LED (Light Emitting Doide) තාක්‍ෂණයෙන් යුත් මොනිටරය දැන් දැන් LCD මොනිටර අභිබවා යමින් පරිගණක වෙළදපොළ ආක්‍රමණය කර තිබේ.


LED සහ LCD මොනිටරයන් පොදුවේ ගත් විට ඒවායේ එක හා සමාණ තාක්‍ෂණයක් භාවිතා වේ. නමුත් ඒවායේ පසුබිම් ආලෝකනය හෙවත් Back Lighting සදහා භාවිතා වන ආලෝක තාක්‍ෂණය එකිනෙකට වෙනස් වේ. මෙහිදී LCD මොනිටරයෙහි පසුබිම් ආලෝකනය සදහා සිසිල් කැතෝඩ සහිත ප්‍රතිදීප්ත ආලෝක ධාරාවන් (Cold Cathode Florescent Lamps) භාවිතා කරන අතර LED මොනිටරයන් හි ආලෝකය සදහා Light Emiting Diode හෙවත් ආලෝකය විහිදුවන ඩයෝඩ භාවිතා කෙරේ.
මෙහිදී පොදුවේ LCD මොනිටරයන්  හි මතු වූ ගැටළුවක් බවට පතුවුයේ CRT මොනිටරයේ ඇති කැතෝඩ වල මෙන් ස්වයං ආලෝකයක් නිපදවීමට නොහැකි වීමයි. මේ අනුව LCD මොනිටරයෙහි දර්ශන ආලෝකමත් කිරීම සදහා බාහිර ආලෝක ධාරාවන් ද උපයෝගී කර ගැනීමට සිදුවිය. මේ අනුව ගත් විට LED මොනිටරයට වඩා ඉදිරියෙන්ම සිටීමට සමත් වන්නේ එහි ඇති ඩයෝඩ මගින් ස්වයං ආලෝක ධාරාවන් නිපදවීමට සමත් වීම නිසාවෙනි. මේ හේතුවෙන් LED මොනිටර CRT හා LCD යන සියළුම මොනිටර වලට වඩා සුපැහැදිළි දසුන් ලබාදීමට සමත් වේ.


වර්තමානය වන විට LED මොනිටර LCD මොනිටර වලට වඩා වෙළදපොලේ ඉදිරියෙන්ම සිටීමට සමත් ව ඇත්තේ එහි ඉතා සුපැහැදිළි හා නිවැරදි වර්ණයන්ගෙන් යුත් දසුන් මැවීමට ඇති හැකියාව නිසාවෙන්මය. මීට අමතරව ප්‍රධාන වශයෙන් විදුලි බලය වැය වීමෙන්ද LED මොනිටරය LCD මොනිටරයට වඩා 40%ක විදුලි පිරිමැස්මක් ලබා දිමට සමත් බව සිදුකරන ලද පර්යේෂණ වලින් දැන් ඔප්පු වී තිබේ. විශේෂයෙන්ම LED මොනිටරය උපයෝගී කරගනිමින් පරිගණකය භාවිතා කිරීම මිනිස් ඇසට වඩාත් හිතකර බව දැන් බොහෝ දෙනා පිළිගන්නා මතයකි. මේ නිසාම එදිනෙදා කාර්යාලයන් තුළ බොහෝ වේලාවක් පරිගණකය ඉදිරිපිට වැඩ කටයුතු කරන කාහටත් LED මොනිටරයක් භාවිතා කිරීමෙන් කිසිම අපහසුවකින් තොරව වැඩි වේලාවක් පරිගණකයේ වැඩ කටයුතු කිරීමට හැකි වනු ඇත,.....

No comments:

Post a Comment