Thursday 2 January 2014

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep



ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අයමෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. 

මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා. එන් අනතුරුව එය ඔබ සතු වදන් සැකසුම් සහිත මෘදුකාංගසියල්ල සදහා, ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි. ගොඩක් දෙනෙකුටAdobe Photoshop සමග වැඩ කිරීමේදීත් මේ ප්‍රශ්න පැනනැගෙන්න ඇති. මේ Application එක යොදාගැනීමෙන් ඔබට ඒ ප්‍රශ්නයක්නිරාකරණය කරගත හැකියි. පහළින් තිබෙන්නේ මේ මෘදුකාංගය නිපැයුම් කරුට අදාලා තොරතුරු කිහිපයකි. අවශ්‍ය නම් ඔහුව සම්බන්ධකරගැනීමට දුරකථන අංකත් මෙම යෙදවුම් මෘදුකාංගයෙහිම ඉදිරිපත් කර තිබෙනවා.  



මෙම යෙදවුම් මෘදුකාංගය exe එක මගින් විවෘත කරගත් විට. එය අපගේ පරිගණකයේ ඉහළින් පුංචි ප්‍රදේශයක ක්‍රියාත්මක වනවා ඔබටදකින්න පුළුවන්. මෙය ඔබ යම් මෘදුකාංගයක් විවෘත කරගත් විට Title Bat එකට අදාලා කොටසෙහි දැක්වෙන නිසාවෙන්, වඩාත් පහසුවෙන්Enable, Disable පහසුකම් අතර මාරු වීමේ හැකියාව ලැබෙනවා. පහත තිබෙන්නේ. ඒහි ක්‍රියාකාරී රූප සටහනකි. 


මෙහි තිබෙන Minimize බට්න් එක ක්ලික් කිරීමෙන් එය. ඔබේ System Sty එකට ලබැගැනීමේ හැකියාවද තිබෙනවා. ඉතින් ඔයාලට අදඉදන් මේ යෙදවුම් මෘදුකාංග භාවිත කළොත් Keyman සදහා වද වීමට අවශ්‍ය නැමැ, Licence key හොයන්න, මේ මුකුත් නැති නිසා, වැඩිකරදර නැහැ. එහෙනම් පහළින් ඔයාලත් මේ යෙදවුම් මෘදුකාංග Download කරගන්න. 


ඉහතින් Download කරගත්ත මේ මෘදුකාංගය භාවිත කර බලන්න, ඔබට ඇත්තටම පහසුවේවි.

No comments:

Post a Comment