Thursday 9 January 2014

වීඩියෝ ක්ලිපයක් හෝ ඉමේජයක් පිළිබදව ෆේස්බුක් කණ්ඩායම දැනුවත් කරන සැටි

වීඩියෝ ක්ලිපයක් හෝ ඉමේජයක් පිළිබදව ෆේස්බුක් කණ්ඩායම දැනුවත් කරන සැටි

අයුබෝවන්!........

මම ඔයාලට හැමදාම මොනවා හරි කියල දෙන්න උස්සහ කරනවනේඉතින් අද මට හිතු‍න ෆේස්බුක් මිතුරු සමාජය ගැණම කියන්නඅපි උදේ ඉදන් රෑ වෙනකම් පරිගණක උදව් එකේ හිටියත් එයත් අපිට මුහුණු පොතෙන් ලබා දී තිබෙන සේවාවක්යඉතින් යාළුනයේ ඔයාලත් ෆේස්බුක් එකේ සිටින විට විවිද ඡායාරූප සහ වීඩියෝ මගින් ඔබට කරදර පැමිණ ඇතැයි මම විශ්වාස කරමි. මම අද කියල දෙන්නම් ඒ පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියට කොහොමද Report කරන්නෙ කියලඑහෙනම් අහගන්නකො,

‍ෆේස්බුක් වෙබ් අඩවියට දිනෙන් දින විවිධ වීඩියෝ හෝ ඉමේජ එක්වෙයි. ඒවායින් සමහරක් ජාතිආගාම්,පුද්ගලයන්ගේ කීර්ති නාමය පහරගැසීමේ අරමුණින් එක්කරන ඒවාය. ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකටද මෙවන් අංග නිතර එක්වීමට ඉඩ ඇත. ඔබගේ එකවුන්ට් එකෙහි ඇති මෙවන් අහිතකර තොරතුරු ඇතුළත් ජායාරූපයක් හෝ වීඩියෝවක් ඔබට ඉවත් කළ හැකි නමුත් එය සෙසු අයගේ වෝල් වල දර්ශනය වීම වැළැක්විය නොහැකිය.

මේ සදහා අපූරු පහසුකමක් ෆේස්බුක් සමාගම විසින් හදුන්වාදී තිබෙයි. එනම් අදාල ඡායාරූපය හෝ වීඩියෝව ගැන ඔවුන්ට දැනුම් දිය හැකි වීමයි. පහතින් දැක්වෙන්නේ මෙය සිදුකරන ආකාරයයිත පළමුවෙන්ම අදාළ ඉමේජය හෝ වීඩියෝව විවෘත කරගන්න. පසුව එයට පහළින් ඇති Report This Photo යන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට මෙහි දැක්වෙන ආකාරයට සංවාද කොටුවක් විවෘත වෙයි.

එයට ඔබ අදාළ අංගය ඉවත් කරන්න යැයි ෆේස්බුක් කර්ඩායමෙන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි තොරාගත යුතුය. ඉන්පසු Continue කරන්නඉන්පසුව ලැබෙන සංවාද කොටුවේ දි ඔබද දැක්වෙන ආකාරයටඔවුට කෙටි පණිවිඩයක් යවන්නත් පුළුවන් මේ ඡායාරූපය ගැන සදහන් කරලාඑසේතු නැත්තම් ඔහුව Unfriend කරන්නත් පුළුවන්ඒ වගේම මොහුව Block කරන්නත් පුළුවන් මෙයින් තැමති එකක් ඔබට තොරාගැනීමේ හැකියාව ඇති,සැලකිය යුතුයි - මෙම කිසිවක් තොරන්නේද නොමැතිය පහත දැක්වෙන Report to Facebook යන්න ඉදිරියෙන් හරි ලකුන පමණක්ද යොදා ගත හැකියඑය ඔබගේ කැමති ආකාරයකට සිදු කර ගත හැකිය අනතුරුවContinue බොත්තම ඔබන්න


මින් පසුව ඔබට ෆේස්බුක් වෙබ් අඩවියෙන් ස්තූති කර සංවාද කොටුවක්ද ලැබේඑයද Okay කරන්න. දැන් ඔබ සාර්ථකව එය සිදුකරගෙන ඇත


එකම ඡායාරූපයක් සම්බන්ධයෙන් මෙවන් පැමිණිලි රැසක් ෆේස්බුක් කණ්ඩායම වෙත ඉදිරිපත් වුවහොත් එය ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. වීඩියෝවක් පිළිබදවද මේ ආකාරයෙන්මReport කර ගත හැකිය.

No comments:

Post a Comment