Thursday 2 January 2014

ඩිජිටල් භාෂාවට වසර තිහකට ආසන්නයි [Digital Language Of Emoticons]

ඩිජිටල් භාෂාවට වසර තිහකට ආසන්නයි [Digital Language Of Emoticons]



ඉමොටිකොන්ස් නමින් හදුන්වන මෙම ඩිජිටල් භාෂාව මීට අවුරු විසි නවයකට ඉහතදී නිර්මාණය කරනු ලැබූවක්. මෙය මුලින්ම නිර්මාණය කරනු ලැබුයේ වසර 1982 දී සැප්තැම්බර් මාසයේදී 19 දින, උදේ 11.44 ට ඇමරිකාවේ පිට්ස්බර්ග් නුවර කානගි මෙලන් විශ්වවිද්‍යාලයේ මහාචාරය ස්කොට් ෆෝල්මන් මහති විසිනි. ඔබගේ පරිගණකහෙයි හෝ දුරකථනය තුළ මෘදුකාංගයක් නැතිනම් ගොනුවක් සදහා විශේෂිත ඉමේජයක් යොදාගෙන තිබෙනවා. එය හදුන්වන්නේ අයිඛනයක් ලෙසටයිත එහෙත්

වචන වලින් ප්‍රකාශ කල නොහැකි අරුතක් දනවන ඉමොටිකොන්ස් රාශියක් අද වන විට දැකගැනීමට පුළුවන්, ඒ අතර පෙර පැවති ඉමේජයක් ආකාරයේ ඉමොටිකොන්ස් වලට අමතරව අද වන විට ඇනිමේටඩ් ඉමොටිකොන්ස් රාශියක්ද දැකීමට පුළුවන්. විශේෂයෙන්ම ස්කයිප්හි ඇනිමේටඩ් ඉමොටිකොන්ස් භාවිත වේ.
එහෙත් මෙම ඉමොටිකොන්ස් මුලින්ම ලෝකයට බිහි වූ දවසේ පටන් සෑහෙන දවසක් ගත වන තුරාවට පැවතුණේ ඉමොටිකොන්ස් එකක් පමණි. එනම් මෙය නිර්මාණ කරන දවසෙහි මහාචාරය ස්කොට් ෆෝල්මන් මහතා විසින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය නිර්මාණය කර තිබුණේ තිත් දෙකකට පසුව කඩ ඉරක් හා වරහනක් යොදා යතුරු පුවරුව මගින් නිර්මාණය කරන ඉමොටිකොන්ස් එකක් පමණි. මෙය මගින් සිනහමුසු මුහුණක් නිරූපණය කරයි. [:-)]මෙහි යොදන වරහන නෙක් පැත්තට යෙදූ විට දුක්මුසු මුහුණක් නිරූපණය වේ. [:-(]

මහාචාරය ස්කොට් ෆෝල්මන් මහතා විසින් නිර්මාණය කරන මෙය ඔහු සේවය කරන විශ්වවිද්‍යාලයේ සිට මිතුරන්ට ඔන්ලයින් බුලඨිනයකින් යැවීය. ඉන්පසු එය වෙනත් විශ්වාවිද්‍යාල වලටත්, සමාජයටත් පැමැණියේය. මේයින් අනතුරු අද ලෝකයේ මිලියන ගණනක් භාවිත කරන එකම භාෂාවක් බවට මෙය පත්ව තිබෙනවා. මෙම වසරෙහි සැප්තැම්බර් 19 දීනට මෙම භාෂාවට වරස 30ක් සපිරෙයි.

සිනාසෙන මුහුණක් රැගත් ෆෝල්මන්ගේ ඉමොටිකොණය (Fahlman's Smileys) ලෝකට හදුන්වා දුන්නේ අලුත් සංකල්පයකි. මෙමගින් ලෝකයේ ජනතාව ඩිජිටල් භාෂාවකට හුරු පුරුදු වෙති. වචන වලින් ප්‍රකාශ කිරීමේදී කිව නොහැකි තරම් හැගීම් උපදවන භාෂාවක් නිර්මාණය කිරීමට මෙමගින් අඩිතාලම වැටුණි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය විෂය පිළිබද මහාචාර්ග ක්ලිටඩ් නාස් මහතා විසින් ඉමොටිකොන්ස් සමබන්ධයෙන් ඉදිරිපත් කල ප්‍රකාශ්‍ය (යම් අදහසක් ඒ ආකාරයෙන්ම අනෙකාට ඒත්තු ගැන්වීමට අතින් ගත් විට ඉමොටිකොනට භාෂාවේ පොරටුගාමී යෙදුමක් බවත්, යමෙකුට වචනයකින් කියන්නට බැරි අදහසක් මොහොතකින් අනෙකාට ඒත්තු ගන්වන්නට ඉමොටිකොනයට පුළුවන්) බව ඔහු ප්‍රකාශ කල සිටියහ.

මෙම ඉමොටිකොන්ස් ආරම්භයේ පටන් තිස්වසරක කාලක් පුරාවට. විවිධ මෘදුකාංග සංවර්ධනයත්, උපාංග, ආකල්ප දියුණු දීමත්, සමාජය තුළ පරිගණක තාක්ෂණය දියුණු වීමත් නිසා ඉමොටිකොණය අද විට විශාල දියුණුවත් අත් කරගෙන තිබෙනවා. ඒ හා බලන විට ෆෝල්මන්ගේ ඉමොටිකොණය ලැජ්ජා හිතෙන තරමටම අද තිබෙන ඉමොටිකොන්ස් ලස්සනය. සජීවිකරනය කරන ලද ඉමොටිකොන්ස් භාවිතයෙන් අරුත් ප්‍රකාශ කිරීම් වඩාත් සරලයි. තාක්ෂණයෙන් වැඩ ගන්නා සෑම පුද්ගලයෙක්ම හදුනන එකකම භාෂාවක් බවට මෙම ඉමොටිකොන්ස් පත්ව තිබේ. ඒ නිසාවෙන් මෙය ඩිජිටල් භාෂාවක් ලෙස අර්ථ දැක්වීමේ හැකියාවත් තිබේ.

No comments:

Post a Comment