Thursday 2 January 2014

SMS (Short Message Service) ගැන දැනගමු

SMS (Short Message Service) ගැන දැනගමු


ආයුබොවන්, සුබ දවසක් ඔයාලට, ඉතින් කොහොමද ජීවිතේ, අද මම කියන්න අවේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගැන, මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි, ඔයා මම හැමවෙලේම Phone එකේ කොටන ඒවා ගැන, හික් :D මෙහෙම කිව්වහම හිතාගන්න පුළුවන් නේද? අපේ අයියලා දැන් Phone එක සාක්කුවේ දාගනත් කොටනවා තමයි වැඩේ, මට මේවා දැකලා හිනා. මුන්ට ගිය කලක්, Phone එක බදාගත්ත ගමන් තමයි, මට නම් ඔය ලේඩේ නැතෝ Phone එකක් නැති නිසා :P හරි...මම අද කියන්න යන්නෙ වෙන මුකුත් ගැන නෙවයි, SMS ගැන, මෙහි ආරම්භක කතාව ගැන, ඔයාලා දැන්නෙ SMS Type කරලා Send කරන්න, එන ඒවට Reply කරන්න, ඉතින් අද ඉගෙන ගන්න වැඩි යමක්, මේ ගැන.




මෙහි පියා ලෙස අපිට හදුන්වන්න පුළුවන් වෙන්නෙ, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන නීල් පැප්වර්ත් (Neil Papworth) මහතා, මොහු 1992 දෙසැම්බර් මාසයේ හ්ම්, නත්තල් මාසෙනෙ, මේ මාසෙ 02 දින මොහුගේ යාළුවන්ට නත්තලට සුබ පැතුම් යැවීමට ක්‍රමයක් මොහි සිතීය. හ්ම්.....ඉතින් මෙයි ආරම්භය සනිටුහන් කරමින් මොහු එදින තම මිතුර සතුව තිබෙන වොඩෆොන් හෑන්ඩ් සෙට් වලට තම පරිගණකය භාවිත කරමින් නත්තල් සුබ පැතුම විදිහට Merry Christmas ලෙස යැවීමයි. මොහු විසින් අරබා දුන් මෙමගින් අලුත් සන්නිවේධන ක්‍රමයක් ලොවට බිහිවිය, මෙය ලීයු පණිවිඩ හෙවත් Text Message යැවීමයි. මෙය කාලයේ අවැමෙන් දැන්  SMS හෙවත් (Short Message Service) ලෙස හදුන්වයි.


මෙම වසරේදී නත්තල් මාසය උදා වෙද්දින් SMS ලොවට දායාද වී වසර 18ක් ගත වෙන බව ඔබ දන්නවාද? හ්ම්.....මරු මරු...කොටන්න, තව කොටන්න, ඇත්තම කිව්වොත් ඉතින් මේ SMS වැඩියෙන්ම හුවමාරු වෙන්නෙ, Lovers අතර, මට හිතෙන විදිහට, ටිකක් හිතලා බලන්න, දවසට කීයද, සතියට, මාසෙට, Keypad එක එවරයි, Touch එකක් නම් Disply එකට හොද ගන්න...:P


මෙම SMS එකක් ලිවීමේදී එක එකරක් සදහා බොහෝ විට බට්න් තුනක් ඔබන්න සිදු වෙන බව ඔය දන්නා මම නොදන්න රහසකි, ඉතින් මේ නිසු අපේ අය ලියන්නේ Short Message වලටත් වඩා Short Message මෙය අලුත් කලාවක් විදිහට ලොය පුර පැතිරිලා තිබෙනවා, මේ තියෙන්නෙ මේ විදිහට ලියපු Message එකක්, 'Oh my God, I have great news for you මෙය Short කරලා මේ විදිහට ලියනවා, 'omg i got gr8 news 4u' ඔය තියෙන්නෙ ලියපු හරුපෙ, ඉතින් මේ විදිහට Short කරලා ලියන අයගෙ Phone එකක් ගෙදරින් බැළුවම මාට්ටු වෙන්නෙ නැති තරම් :P

ඉතින් මේ ලොකය පුසා හුවමාරු වෙන SMS ප්‍රමාණය සෙවීමට ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් (International Herald Tribune) පුවත් පත විසින් මෙය සොයා බැලීමට අවශ්‍ය කටයුතු යෙදීය, එහිදී ඔවුන් මෙය ගනනය කර සොයා ගත්තේය, එනම් අවුරුද්ධකට යවන SMS ගනන ට්‍රිලියන තුනක් හෙවත් කොටි ලක්ෂ තුනක් බව, කොහොමද SMS යැවිල්ලෙ තරම, මෙය දවසකට කෝටි අටසිය විස්සකට වැඩිය.

ඒ වගේම මෙම SMS තාක්ෂණය මේ වෙන විට ලොකයේ වෙලද ප්‍රචාරන මාධ්‍යක්, විදිහට භාවිත කරනවා, විවිද නිෂ්පාධන ගැනමින් දිනපතා ජංගම දුරකථන වලට විවිද පණීවිඩ ලැබෙනවා, ඉතින් තාම නම් ලංකාවේ මේ වැඩේ එච්චර නෑ.....ඒ වගේම අලුත්ම News මහජනයා වෙත එසැනින් ලබා දීම සදහාද මෙම SMS භාවිත කරයි, තවද දේශපාලනික කටයුතු සදහාත් SMS යොදා ගනී, මොකද ජනාදිපති තුමත් ඔය පහුගිය කාලේ එක එක ඒවා එවලා තිබ්බෙ. :D

No comments:

Post a Comment