Thursday 9 January 2014

රහස්‍ය ලිපි ලේඛන, ආදී සියල්ල රැක ගන්න මෙන්න පට්ට ක්‍රමයක්

ආයුබෝවන්.....

වර්ථමානව වන විට පෞද්ගලිගත්වය ආරක්‍ෂා කර ගැනීම අතිශයින්ම අපහසු කටයුත්තක්, නේද? මම හරි වෙන්න ඔනේ, ඉතින් ඔයාලගෙත් මේ පෞද්ගගික දෑ බොහොමක් තිබෙනවා නේද? එහෙත් ඔබ පවුලේ කිහිප දෙනෙක් තනි පරිගණකයක් භවිතා කරන්න පුළුවන්, ඒ නිසා ඔයාලටත් පෞද්ගලිග විවිධ දෑ තියෙන්න පුළුවන්, ඉතින් මේවා අනිත් අයගෙන් ආරක්‍ෂා කරගන්න ඔනේ, ඒක මාර ප්‍රශ්ණයක්......ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය ගැන එය භාවිතා කර ඔයාගේ තිබෙන ලිපි ගොණු සියල්ල ආරක්ෂා කර තබාගන්න පුළුවන්....එහෙත් මම අද කියන්න යන්නෙ එයිට වඩා වෙනස් දෙයක්.......



ඔයාලට මේ ෆෝල්ඩර් ලොක් මෘදුකාංගය භාවිතා කිරීම තරමක් වෙහෙසකර වෙන්න පුළුවන්, ඒ මන්ද? එක බාවිතා කර එක් එක් ෆෝල්ඩර් එක ලොක් කරගන්න අවශ්‍ය වෙන නිසා, ඒ වගේම අප විසින් අළුතින් එකතු කරන ලද ෆෝල්ඩර් සදහා ද නැවත නැතට මේ ලොක් එක ඇතුලත් කරගන්න ඔනේ, ආ ඒ වගේම ඉතින් මේ මුර පද (Password) කීයක් කියලා මතක තියා ගන්නද? මේකත් ලොකු ප්‍රශ්ණයක් නේද? අද ඉදන් ඔය ප්‍රශ්නෙ උළුවෙ තියන් දුක් විදින්න එපා.....ඒකට විසදුම් අප විසින් ලබාදෙන්නම්.....

මෙය සිදුකරගැනීම දසහා අපට කුඩා මෘදුකාංගයක සහය ලබාගැනීමට අවශ්‍ය වෙනවා......මෙහි නම TrueCrypt ය, මෙහි දැනට හත්වෙනි සංස්කරණය එලි දක්වා තිබෙනවා, ඒ වගේම මේ මෘදුකාංගය ඔබ සියළු දෙනාට නොමිලේ ලබාගැනීමේ හැකියාවත් තිබෙනවා, ප්‍රමාණයෙන් 3.23MB තරම් කුඩා මෘදුකාංගයකි, ඒ නිසා අඩු අන්තර්ජාල වේගයක් තිබෙන අයෙකුට උවත් අපහසුවකින් තොරව Download කරගැනීමේ හැකියාව තිබෙනවා.....පළමුවෙන්ම පහතින් මෙය Download කරගන්න.....

http://www.truecrypt.org/downloads

ඔය ලින්ක් එකට ගහින් ඔබ භාවිතා කරන OS එක තෝරගෙන මෘදුකාංගය Download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.......

දැන් අපි බලමු, මේ මෘදුකාංගය නිවැරදිව දාවනය කර ගන්නේ කොහොමද? කියලා.....

පළමුව කරන්න ඔනේ, ඔයා මේ මෘදුකාංගය විවෘත කර ගන්න එක, බලන්න ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ Shotcut එකක් ඇවිත් ඇති, TrueCrypt නමින්, එය ක්ලික් කරන්න, නැතිනම්, ඔබට Start >> All Programs >> TrueCrypt හරහා මේ මෘදුකාංගය විවෘත කරගන්න පුළුවන්.....ඉහත ඇති එක් පියවරක් භාවිතා කර TrueCrypt මෘදුකාංග විවෘත කරගන්න......



TrueCrypt මෙම මෘදුකාංගව භාවිතා කිරීමට අප විසින් Partition එකක් සකස්කරගන්න අවශයි.....ඔබට ලැබෙන TrueCrypt ප්‍රධාන වින්ඩෝ ඇති, Create Volume Button එක ක්ලික් කරන්න,



දැන් ඔබට පහත පරිදි, TrueCrypt Volume Creation Wizard එක ලැබේවි.....සහෝදර වරුනි, ඔබ මේ Partition එක සකස් කරගැනීමට බලාපොරොත්තු වන්නේ, Hard Disk එකක් තුල නම්, Create an Encrypted file container යන්න සිලෙක්ට් කළ යුතුයි, නැති නම් ඔබ බලාපොරොත්තු වන්නේ, Flash Drive එකක් තුල මේ Partition එක සකස් කරගැනීමටනම් ඔබ මෙහි, encrypta non-system partition යන්නය, මෙම TrueCrypt  වැඩසටහන භාවිතා කර Flash Drive එකක් තුල උවත් Partition එකක් සකසා එක වසන් කිරීමේ හැකියාවක් තිබෙනවා........ඔබට අවශ්‍ය Option එක Select කරගෙන Next Button එක ක්ලික් කරන්න......


මීලගට ඔබට ලැබෙන පියවරේදී Volume Type එක තෝරාදිය යුතියි, එහි, Standard TrueCrypt Volume යන්න Select කර Next බොත්තම ඔබන්න......


 දැන් ඔබට Volume Location වින්ඩෝ එක විවෘත වනු ඇත. එහි දී ඔබ කළ යුත්තේ, ඔබ විසින් මේ පාර්ෂන් (පාස්වර් යෙදූ) එක සකස්කිරීමට ලබාපොරොත්තු වන Path එක, සහ එයි, යම් ෆයිල් එකක් තෝරාදියයුතුය. ඔබගේ පවතින් පාර්ෂන් එකකින් මේ, Partition එක Select File මත ක්ලික් කරන්න


දැන් ඔබට Specify Patch and file Name ඩයලොග් බොක්ස් එක විවෘත වනු ඇත, මෙහි ඔබගේ Volume File එක Save විය යුතු ස්ථානය තෝරදිය යුතුය, ඒ සදහා ඔබට මේ Volume File සේව් විය යුතු Drive එක තෝරා, Specify Patch and file Name එකෙහි පහල තිබෙන File Name ස්ථානයට ඔබට කැමති නමක් ලබාදී Save බොත්තම ඔබන්න..........


 දැන් ඔබ නැවතත් TrueType Volume Creation Wizad  වින්ඩෝ එකට පැමිණෙනවා, එහි Next Button එක ක්ලික් කරන්න......


 මීලග පියවර විදිහට ඔබට ලැබෙන Encryption Option පිටුව තුල තිබෙන Setting කිසිවක් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නෑ.......Next බොත්තම ඔබන්න........


දැන් ඔබට විවෘත වන්නේ, Volume Size පිටුවයි, මෙහිදී ඔබ වොලියුම් ෆයිල් එකෙහි ධාරිතාවය ලබාදිය යුතුය, මෙහිදී ලබාදෙන ධාරිතාවය ඔබ තිර්ණය කරගත යුත්තේ ඔබට අන් පරිශීලකයන්ගෙන් වසන් කල යුතු දත්ත ප්‍රමාණය මතය, මෙය ඔබට අවශය පරිදි KB, MB හෝ GB වශයෙන් තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා....ඒ වගේම මෙහ ඔබ විස්න් තෝරාගන්න විට, දැනටමත් පාර්ටිෂන් එකේ හෝ, ෆ්ලෑස් ඩ්‍රයිව් එකෙයි, ඉතුවි තිබෙන ඉඩ අනුව තීරණය කරගන්න......දැන් Next බට්න් එක ක්ලික් කරන්න......



මෙම පියවරේදී ඔබට තිබෙන්නේ, පාස්වර්ඩ් එකක් ලබා දීමය, ඔබට කැමති එකක්, ලබා දෙන්න පුළුවන්, මෙහි ඇති, Password සහ, Conform Password යටතට එකම පාස්වර්ඩ් එක ලබාදී, Next බට්න් එක ක්ලික් කරන්න........


 මීලගට තිබෙන්නේ ඔබගේ වොලියුම් එක ෆෝමැට් කරගැනීමයි, දැන් ඔබට විවෘත වි තිබෙන්නේ, එම වින්ඩෝ එකයි. එහි Option යටතේ ඇති File System ස්ථානයෙන් ඔබට FAT හෝ NTFS File System තෝරාගැනීමේ හැකියාව තිබුනත් එය එතරම් වැගදත් නෑ.....සාමාන්‍ය විදිමය File System සිලෙක්ට් වී තිබෙන්නේ FAT ලෙසය, ඒ වගේම කිව යුතුයි, මෙහි වොලියුම් එක ෆෝමැට් කලාට වෙනත් පාර්ටිෂන් එකක් ෆෝමැට් කිරීමේදී මෙන් දත්ත මැකී යන්නේ නෑ....ඒ නිසා බය වෙනන් ඔනේ නෑ.... Format බොත්තම ක්ලික් කරන්න........



Volume එක Format වීමෙන් අනතුරුව ඔබට, පහත ආකාරයේ මැසේජ් එකක් ලැබේවී, The TrueCrypt Volume has been successfully created ලෙස, මෙය Ok කරන්න.......


 දැන් ඔබට පේනවා ඇති Volume Created පිටුව විවෘත වි තිබෙනවා, මෙහි Next බට්න් එක ක්ලික් කරන්න,


 ඔබට නැවතත් Volume Creation Wizard වින්ඩෝව මතු වෙන අතර එයින් ඔබ ඉවත් වන්න, Cancel බට්න් එක ක්ලික් කරන්න......


දැන් ඔබ විසින් මෙම වොලියුම් එක සකස් කරගෙන අවසන්, දැන් අපට තිබෙන්නේ, TrueType මෘදුකාංගයෙන් වැඩ ගැනීමයි, පළමුවෙන්ම ඔබගේ පරිගණකයේ දැනට භාවිතා නොවට ඩ්‍රයිව් ලෙටර් එකක් TrueType තුලින් තෝරාගන්න, දැන් TrueType තුල තිබෙන Select File බට්න් එක ක්ලික් කර, අප විසින් කලින් පියවරේදී සකස් කරගත් File එක තෝරාදිය යුතුය, ඒම පාත් එකෙන් එය තෝරා Ok බොත්තම ඔබන්න.....


දැන් TrueType වින්ඩෝ එකෙහි තිබෙන, Mount නම් බට්න් එක ක්ලික් කරනන්න..............



එහිදී ඔබගෙන් පාස්වර්ඩ් එක අසනු ලබයි, මෙයට ඔබ වොලියුම් ෆයිල් එත සැකසීමේදී ලබාදුන පාස්වර්ඩ් එක ලබාදී, Ok බට්න් එක ක්ලික් කරන්න..........


දැන් ඔබ බලන්න, My Computer වෘවාත කරගෙන, ඔබ තොරාගත්, ඩ්‍රයිව් ලෙටර් එකෙන් අලුත් පාරිටිෂන් එකක් සකස්වී තිබෙනවා දකින්න පුළුවන් වෙයි, බලන්න ඒ තුලට විවෘත වී සාමාන්‍ය පාර්ටිෂන් එකක් විවෘත කරගන්නා ආකාරයමට විවෘත කරගැනීමේ හැකියාව තිබෙනවා....මෙයට ඔබට අවශ්‍ය ෆයිල් ආදිය එක් කරගැනීමේ හැකියාව තිබෙනවා.......

ෆයිල් ඇතුලත් කිරීමෙන් අනතුරුව, ඔබ TrueType වින්ඩෝ එක තුලින් Dismount නම් බට්න් එක කිල්ක් කරන්න, දැන් බලන්න, My Computer වීවෘත කරගෙන එන්ක්‍රිප්ෂන් පාරිටිෂන් එක, අතුරුදහන් වෙලා ඇති,


හේ හේ......මරු නේද? මෙය අව විවෘත කරගත හැක්කේ, පාස්වර්ඩ් එක දන්නා කෙනෙකුට පමණි, ඔබට මෙය නැවත ලබාගැනීමට අවශ්‍ය නම් කලින් ආකාරයටම ලබාගැනීමේ හැකියාව පවතී......මරු නේද? ඔන්න මම ඔයාලට මේ කතාව වඩාත් පැහැදිලි ආකාරයට තිබුන, තවත් මේ වගේ වැඩගත් පිළියකින් හමුමෙවු, ප්‍රශ්ණ එමෙ තියෙනවානම් පහලින් කමෙන්ට් කරන්න........

No comments:

Post a Comment