Thursday 2 January 2014

ඔබගේ Email ස්වයංක්‍රීයව පරීක්ෂාවට - Email Checker Extension

ඔබගේ Email ස්වයංක්‍රීයව පරීක්ෂාවට - Email Checker Extension


අන්තර්ජාල භාවිතයේදී අපි හැමෝටම පාහේ ඊ-මේල් එකක් හෝ කිහිපයක් භාවිත කිරීමට සිදුවෙනවා. වර්ථමානයේ ඊ-මේල් එකක් හෙවත් විද්‍යුත් ලිපිනයක් නොමැති අයෙක් නොසිටිනා තරමට සැවොම අතර පැතිරී තිබෙන දෙයක්. අන්තර්ජාලය තුල ගිණුමක් නිර්මාණය කරලීමේදී අපට අත්‍යවශයම දෙයකි. නොමිලේ අපට ඊ-මේල් සේවාව සපයාදෙන සේවා අයතන කිහිපයක් තිබෙනවා. Gmail, Yahoo, Hotmail මගින් ලබාදෙන ඊ-මේල් සේවා අප අතර ගොඩක් ජනප්‍රියයි. මෙහිදී වැඩි අවධානයක් යොමුවන්නේ Gmail දෙසටයි.  Google සමාගම තම ආධිපත්‍ය අන්තර්ජාලය තුප පතුරුවා තිබෙන නිසාවෙන් ඔවුන්ගේ සේවා ක්‍රියාත්මක කර ගැනීමට නම් ඔවුන් විසින් නොමිලේ සපයන Gmail සේවාවෙහි අප ලියාපදිංචි වී සිටින යුතුයි. ඔබ අප ලියන බ්ලොග් එකේ පටන්, තවත් බොහොමයක් දේවල් සිදු කරන්නේ මෙම ඊ-මේල් එක පාදක කරගෙනය. ඔබ දන්නවා නිතර අපේ ඊ-මේල් ලිපිණයට විවිද පුද්ගලයන් හෝ සේවා ඔස්සේ මේල් ලැබෙනවා. එහෙත් අප මෙය නිතර නිතර ඊ-මේල්යට පිවිස ඒ ගැන පරික්ෂා කිරීමට ගොඩක් අයෙක් මැලි වන දෙයකි. මෙයට සාර්ථක විසදුමක් ලෙස ඉදිරිපත් කල හැක්කේ. අප භාවිත කරන Web Browser එක තුලට එනම් Google Chrome/Mozilla Firefox තුලට Extension එකක් Install කරගනිමින් මෙම සේවාව ලබාගැනීමයි. මෙහිදි අප එක්වරක් අපගේ Email එකට Login වීමෙන් අනතුරුව අපට පැමිනෙන අලුත් මේල් මෙහි දැක්වීම මගින් අපට ඊමේල් එකක් පැමිණි විගස එක මොකක්ද, කාගෙන්ද යනාදී තොරතුරු සොයාබැලීමට පුළුවන. ඔබ දැනට Email කිහිපයක් භාවිත කරනවා විය හැකියි. එහෙත් මේ සියල්ලටම ලොග් වී බලන්න ගියොත් ඔබගේ කාලය අපතේ යාමක් විය හැකියි. එය අපට පහසු කරන්නෙ Multi Email Checker පහසුකමයි. මෙහිදී අප සතුව තිබෙන Email කිහිපයක් උනත් මෙමගින් Check කරගැනීමට පුළුවන. අලුතෙන් ඊමේල් එකක් ලැබුණු විට, එය මෙම Extension එක මගින් ඔබට දර්ශනය කරනු ලබයි. ඒ අනුව ඔබට ඒ පිළිබදව සොයාබැලීමට පුලුවන.

මෙහිදී අපට වැදගත්වන Extension කිහිපයක් තිබෙනවා මෙම Email Checker පහසුකම සපයාදෙන. මෙහි බොහොමයක් Extension තිබෙන්නේ Gmail සේවාවටයි. ඒ එය ලොව ජනප්‍රියම ඊ-මේල් සේවාව නිසාවෙනි. මෙහිදී අප සතු තිබෙන එක් Gmail එකක් Check කිරීමට විශේෂිත වූ Extension එකක් තිබෙනවා. එය හදුන්වන්නේ Google Mail Checker ලෙසටයි. මෙය ඔබේ Web Browser එක එනම් Google Chrome තුලට Web Store එක හරහා Install කරගැනීමට පුළුවන. එය Install කරගැනීමටමෙතනින් පිවිසෙන්න.


මෙය ක්‍රියාත්මක කිරීමට පුළුවන් Google Chrome Web Browser එක සදහා පමණි. ඔබ භාවිත කරන්නේ Mozilla Firefox Web Browser එක නම්, ඔබට ඔබගේ Gmail එක පරික්ෂා කිරීම සදහා Firefox සදහා නිර්මාණය කරනු ලැබූ Add-on එකක් Install කරගත යුතුයි. මෙය ඔබේ Web Browser එකට Install කරගැනීමට පුළුවන. මෙහි වැදගත් Extension කිහිපයක් තිබෙනවා. ඔබ කැමති Mail Check එකක් Install කරගන්න. Gmail Notifier Gmail Manager GMail Checker (මෙහි තිබෙන Gmail Manager Extension එක හරහා Gmail කිහිපයක් එකවර Check කරගැනීමට පුළුවන.)



ඔබ විසින් Google Chrome Web Browser එක භාවිත කරන පුද්ගලයෙක්, ඔබට Gmail කිහිපයක් Check කරගැනීමට අවශ්‍ය නම් ඉහත ලබාදුන් Google Mail Checker එකෙන් එය සිදුකර ගත නොහැක. එයට ඔබ Google Multi-Account Checker Extension එක ලබාගැත යුතුයි. මෙය Install කරගැනීමෙන් අනතුරුව ඔබගේ Gmail කිහිපයක් මෙය මගින් ස්වයංක්‍රීයව Check කරගැනීමට පුළුවන. මෙය Install කරගැනීමට මෙතනින් පිවිසෙන්න. මෙය මගින් අලුතෙන් ලැබෙන Email ගනන පෙන්වනවා සේම, ඒයා Gmail තුලට පිවිසීමෙන් තොරව Extension එක හරහාම කියවීමට, Mail Delete කිරීමට පුළුවන.



ඔබ විසින් සේවා කිහිපයට Email කිහිපයක් භාවිත කරනවානම් (Gmail, Hotmail, Yahoo, AOL, Daum, Naver, Nate, Paran) මේවාට Log වී එකිනෙක පරික්ෂා කිරීම අපහසු වන්නට පුළුවන. මෙම අපහසුතාවය මගහැර දීමට X-notifier Extension එක සමත්ය. මේ හරහා ඔබ සතුව තිබෙන Email සියල්ල මෙය මගින් Check කරගැනීමට පුළුවන. ඒවාට අලුතෙන් Email පැමිණි විට එය Extension එක හරහා ඔබට දර්ශණය කර පෙන්වයි. ඔබගේ Google Chrome Web Browser එක තුලට මෙය Install කරගැනීමට නම්මෙතනින් පිවිසෙන්න. Mozilla Firefox තුලට Install කරගැනීමට නම් මෙතනින් පිවිසෙන්න.

මේ විදිහට ඔයාලට Email Check කර ගන්න වඩාත් පහසුවේවි. මෙම Extension වලින් ඔබට අවශ්‍ය Extension එකක් ඔබේ Browser එක අනුව Install කරගන්න. ඔයාලට බ්ලොග් එකේ තිබෙන ලිපි වැදගත් නම් බ්ලොග් එකට Support එකක් විදිහට, Follow පාරක්, Comment එකක්, Fan Page එකට Like එකක් දාලා යන්න. තවත් අලුත් ලිපියකින් හමුවෙමි. එතෙක් එබට සුභ දවසක් !

No comments:

Post a Comment