Thursday 9 January 2014

ආරක්ෂාකාරීව, වේගයෙන් අන්තර්ජාලය තුළ සැරිසැරීමට - Comodo Dragon






ආයුබොවන්, ඔබ සියලු දෙනාටම, කොහොමද ඔයාලට, ටික දොහකින් මේ පැත්තෙ ගොඩවැදීමට නොහැකි උණා, අලුත් දෙයක් ගැනඔයාලා දැනුවත් කරන්න කියලා හිතාගෙන මේ පැත්තට ගොඩ වැදුණා. අපි හැමෝම කැමතියි අන්තර්ජාලය තුළ ආරක්ෂාකාරීව සහවේගයෙන් තම එදිනෙදා වැඩ කටයුතු කරගන්න. දියුණු වෙන ලොකෙත් එක්ක ගමන් කරන අපි. දිනකට වෙබ් පිටු කීයක් විතර පෙරලනවාඇතිද, ඔබව ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ යන මග ලුහු බදිනා අය සිටින බවත් ඔබ නොදන්නවා ඇති. අන්තර්ජාලය තුළවේගයෙන් සැරි සැරීමට කැමති ගොඩක් දෙනා භාවිත කරන වෙබ් බර්ව්සර් එක තමයි ගූගල් ක්‍රෝම් බ්රව්සර් එක, එහෙත් මෙහි වේගයතිබුණට ආරක්ෂාව අතින් පහත් මට්ටමක තිබුණි. ඒ නිසා ආරක්ෂාව ගැන ටිකක් හිතන අය පාවිච්චි කරන්නෙ Mozzlla Firefox Web Browser එක, මෙහි වේගය Chrome Web Browser එකට වඩා තරමක් අඩු බව හැමෝම පවසන දෙයක්. මෙම ගැටලුවට පිළිතුරු වශයෙන්ආරක්ෂාකාරීව, වේගයෙන් අන්තර්ජාලය භාවිත කිරීමට නම් මේ සදහා ගැලපෙන Web Browser එකක් තිබුය යුතුයි. අන්තර්ජාලය තුළහුවමාරු වල පෞද්ගලික තොරතුරු වල අරක්ෂාව සදහා තිබුණු අඩුපාඩුව මගහරිමින්. Comodo Dragon Web Browser එක හදුන්වාදෙනලදි. 

පරිගණක ආරක්ෂාකිරීමේ පුරෝගාමී අයතනක් වන Comodo ආයතය මෙතෙක් කලක් ප්‍රතිවෛරස මෘදුකාංගයන් සහ Firewall නිර්මාණයේතීර්තියක් උසුලා සිටින ආයතයක් බව අපි කවුරුත් දන්නා කරුණකි. අන්තර්ජාලය තුළ ආරක්ෂාකාරීව ක්‍රියාකිරීමට සමත් Web Browserඑකක් නොමැති අඩුපාඩුව වටහාගත් මොවුන් විසින් Comodo Dragon Web Browser එක නිපවා තිබේ. මෙය නිපදාවා තිබෙන්නේඅන්තර්ජාලය තුළ කීර්තියක් දරා සිටින ක්‍රෝම් හි මූල කේත පද්ධතියෙනි. මේ නිසා Google Chrome සහ Comodo Dragon යන Web Browser දෙකම එක හා සමාන Browser දෙකකි. මෙම බ්රව්සර් දෙක සසදා බැලීමේදී ඔබට බර්ව්සර් දෙක වෙන්කර හදුනාගැනීමටත්නොහැති තරමි සමානකමක් පෙන්වයි. පහළ තිබෙන්නේ Comodo Dragon Web Browser එකෙහි මූලික පෙනුමය. 





ඉහළින් ඔබට දකින්න ලැබෙන්නේ මෙහි අතුරුමුහුණතයි. එය රතු දුබුරු වර්ණයෙන් හැඩගැනුවූ ගූගල් ක්‍රෝම් මුහුණතයි. ඒ වගේම අපිවැඩිදෙනෙක් භාවිත කරන ගූගල් ක්‍රොම් සදහා වූ සියලුම Extension Comodo Dragon සමගින් භාවිත කරීමේ හැකියාව තිබෙනවා. ඔවුන්පෙන්වා දෙන ආකරයට. Comodo Dragon Web Browser එක, Google Chrome Browser එකටත් වඩා කාර්යක්ෂමතාවයක් පෙන්වයි.මුහුණතින් හා ක්‍රියාවෙන් එකිනට සමානකම් දක්වන Comodo Dragon හි තවත් සුවිශේෂත්වයන් තිබේනවා. 

මෙය අපට නොමිලේ Download කරගත හැති Web Browser එකකි. ඒ වගේම මෙය Google Chrome Browser එක ලෙසින් මැෂිම Formatකරන වාරයක් වාරයක් පාසා Online Installation එකක් සිදු කිරීමට අවශ්‍ය නැත. මෙය සාමාන්‍ය Setup File එකක් අකාරයෙන් Downloadකරගැනීමට පුළුවන. මෙහි තිබෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, මෙය Portable Version එකක් ආකරයට ස්ථාපිත කීරීමටහැකිවීමයි. 



මෙම Comodo Dragon Web Browser එක මගින් අපිට තවත් විදිහක අරක්ෂාකාරී පියවරක් ලබාදී තිබෙනවා, ඒ තමයි ඔවුන්ගේ DSN Server භාවිත කිරීමයි. Comodo Dragon Install කිරීමේදී Default Comodo DSN Server එක ලබා දෙන අතර, අවශය නම් මෙය වෙනස්කරගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් Comodo DSN Server භාවිත කළාට අපිට කිසුම අපහසුවක් සිදු නෙවේ. මා විසින් මේ දෙවිදිහටමBrowser එකේ DNS වෙනස් කර බැලුවත් කිසිදු වෙනසක් සිදු නොවුණි. Speed එකෙහිද අඩුවත් නොතිබුණි. ඒ නිසා Comodo DSN Server එක භාවිත කිරීම වඩාත් සිදුසුය. 


ඔබ අන්තර්ජාලය භාවිතකරන අවස්ථාවක, අනාරක්ෂිත වෙබ් පිටුවකට පිවිසීමට උත්සක කල විට එය ඔබට ක්ෂණිකව දැනුම් දී සිටීමටඩ්‍රැගන් සමත්ය. පහත පිංතූරය බලන්න, එහි දක්වා තිබෙන්නේ එවන් අවස්ථාවක්, මෙහිදී ඔබට අවශ්‍ය නම් එම වෙබ් පිටුව විවෘතකරගැනීමට පුළුවන් (Proceed Anyway), නැතහොත් අරක්ෂාකිරීව පෙර වෙබ් පිටුවට ගමන් කිරීමට පුළුවන. (Back to Safety)


මෙම Comodo Dragon Web Browser එක වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත වීඩියෝව බලන්න.


ඉතින් ඔබත් කැමති ඇති, අරක්ෂාකිරීම, වේගයෙන් ආන්තර්ජාලය භාවිත කිරීමට, එහෙනම් ඔබත් අද සිට Comodo Dragon භාවිත කරන්න, පහතින් මෙම Web Browser එක Download කරගන්න,.
 



No comments:

Post a Comment